Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ නිවසක කොටසක් කඩා දැමීම සම්බන්ධයෙන් හිටපු ඇමැති මර්වින් සිල්වාට ශ්‍රේෂ්ඨාධිකරණය දඩ නියම කරනු ලැබුවා.

2010 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙම නිවාස කඩා දමා තිබෙනවා.

එම නිවැසියාට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ හතරක මුදලක් පෞද්ගලිකවම ගෙවන ලෙසට හිටපු ඇමැති මර්වින් සිල්වාට නියම කළ අතර සංවර්ධන කටයුත්තක් මුවාවෙන් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සම්බන්ධ වී එම දේපළ විනාශය සිදු කිරීම නිසා ඒ පිළිබදව රජය ද වගකිව යුතු බවට අධිකරණය තීරණය කරනු ලැබුවා.

ඒ වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂයක මුදලක් ‍පෙත්සම්කරුට ගෙවන ලෙස ද අධිකරණය රජයට නියම කර තිබෙනවා.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළත් එම ස්ථානයට නොපැමිණීමෙන් රාජකාරිය පැහැර හැරීම වෙනුවෙන් රුපියල් 50,000 ක වන්දි මුදලක් පෞද්ගලිකවම ගෙවන ලෙස එවකට කිරිබත්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරියට නියම කෙරුවා.

පොලිස් පරීක්ෂකවරයාගේ මෙම ක්‍රියාව පොලිස් දෙපොර්තමේන්තුවේ නාමයට අපකීර්තියක් සිදු කර ඇති බවටද ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී සඳහන් කළා.

අදාළ දේපළ කඩා බිඳ දැමීමට කැළණිය ප්‍රදේශීය සභාවට අයත් බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන ඇති අතර රජයේ දේපලක් එලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගෙන ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නිසි විමර්ශනයක් සිදු කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියම කර තිබෙනවා.

අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S