Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සැලසුම් කළ පරිදි ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් රථ වැඩවර්ජනය ක්‍රියාත්මක බව එම බස් සංගම් පවසනවා.

ඒ අනුව බස් සහ ත්‍රීරෝද රථ ඇතුළු ප්‍රවාහන වෘත්තීය සමිති 28 ක සහභාගීත්වයෙන් එම වර්ජනය සිදුකරන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු කියා සිටියේ.

මාර්ග වැරදි 07 ක් සම්බන්ධයෙන් අවම රථවාහන දඩය රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව පෞද්ගලික බස් සංගම් ඇතුළු ප්‍රවාහන වෘත්තීය සමිති 28 ක් ප්‍රකාශ කළා.

මේ අතර, බස් රථ ඇතුළු ප්‍රවාහන වෘත්තීය සමිති නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

එහිදී අධික වේගයෙන් රිය පැදවීම සහ වමෙන් ඉස්සර කිරීම යන වැරදි සම්බන්ධයෙන් සංශෝධනයක් ඉදිරියේදී සිදුකිරීමට එකඟතාව පළ වූ බවයි ඊට එක්වු ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.

ඒ අනුව තම සංගමය මෙම වර්ජනයට එක් නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත්, නියමිත පරිදි වැඩවර්ජනය අද දිනයේ ක්‍රියාත්මක බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු සඳහන් කළේ.

පෞද්ගලික බස් වර්ජනයට මුහුණදීමට අවශ්‍ය සියලූ කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියා.

ඒ සදහා ලංගම බස් රථ 6500 ක් අතිරේකව යොදවා ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එච්.හේමචන්ද්‍ර සදහන් කළේ ජනතාවට අපහසුවක් නොවන ආකාරයට ප්‍රමාණවත් පරිදි බස් රථ යොදවා ඇති බවයි.

ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පොලිසියද කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළා.

මේ අතර, අද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩවර්ජනය අත්හිටුවීමට ඊයේ තීරණය කෙරුණා.

ඒ ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීම, විශ්‍රාම වැටුප් කප්පාදුව, දුම්රිය ඉඩම් පෞද්ගලික අංශයට පැවරීම ඇතුළු ඉල්ලීම් 04 මුල්කරගනිමින් ඔවුන් මෙම වැඩවර්ජනය දියත් කිරීමට සැලසුම් කර තිබුණා.

අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S