Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

"මට එහෙම අදහසක් කොහෙවත් තිබුණේ නැහැ. "
පසුගිය දිනයක රංගන ශිල්පිනි ගයත්‍රී ඩයස් අලුත් අත්දැකීමක් ලැබුවා කියලා අපට ආරංචිවුණා. ඒ අත්දැකීමත් එක්ක ඇය ලබපු ජයග්‍රහණය නිසා ශ්‍රී ලංකාවට ගෞරවයකුත් ලබා දුන්නා. ඒ Top Of The Wourld කියලා Beauty Pageant තරඟයකින්.

ඉතින් ඇය කිව්ව විදියට මේ Beauty Pageant සුදානම් වෙන්න වැඩි කාලයක් තිබිලා නැහැ.ඉතින් මේ පිළිබඳව අප ඇයගෙන විමසුවා.

කාටවත් කියන්නේ නැතුව රහසේම Beauty Pageant එකකට ගියා නේද ?

නොකියා ගියාට දොස් කියන්න එපා. මම සාමාන්‍යයෙන් කියන්නේ නැතුව කරන්න. මොකද මම මේ වගේ දේවල් කෑ ගහන්නේ නැතුව කරන දේවල්.

හැබැයි ඉතින් කහොමහරි කට්ටිය ඒක දැනගන්නවා. ඉතින් මේ තරඟයේදී වුණේ මිසිස් Top Of The Wourld කියලා Beauty Pageant එකක්.

ඒ තරඟයට ලෝකයේ රටවල් 20ක් නියෝජනය කරමින් විවාහක කාන්තාවන් සහභාගීවුණා. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ යවන්න පුළුවන් හැම Pageant එකකටම Beauty Pageant තියන්නේ නැහැ.

මෙවැනි තරඟවලට ගොඩක් මුදල් වැයවෙන නිසා ගොඩක් වෙලවාට එවැනි තරඟයකට යවන්නේ කෙනෙකුට අනුග්‍රහය දක්වලා. නමුත් මමයි තව දෙතුන් දෙනෙක් ඇරෙන්න අනෙක් රටවල Beauty Pageant කරලා ආපු අය තමයි එතන හිටියේ.

මේ තරඟය තිබුණේ ඉන්දියාවේ නවදිල්ලිවල. ඒ තරඟයේදී මම 05 වෙනි ස්ථානයට පත්වුණා. ඉතින් මට ගොඩාක් සතුටුයි. ඒ වගේම Top Ten අතරට එන්න ලැබුණා.

ඒ එක්කම මිසිස් ටැලන්ට් කියන මිනි ටයිටල් එක මට දිනා ගන්න පුළුවන් වුණා. ඒ එක්කම Voting වලදී මම හිටියේ පළමු ස්ථානයේ. ඉතින් ශ්‍රී ලංකාව නියෝජනය කරලා මෙවැනි කාලෙක මෙවැනි ජයක් ලබන්න ලැබීම ගොඩ සතුටක්.

ඒ වගේම එතනදී මගේ නම කියලා කව්රුත් කතා කළේ නැහැ. මිසිස් ශ්‍රී ලංකා කියලා තමයි කතා කරන්නේ. ඉතින් එක මගේ රටට ලොකු ගෞරවයක්.

මෙවැනි තරඟයකට සහභාගිවෙන්න හිතුණේ ඇයි ? එක සැරේටම


මට හිතුණා නෙවෙයි. මට එහෙම අදහසක් කොහෙවත් තිබුණේ නැහැ. නමුත් මේකට සම්බන්ධව ලංකාවේ හිටපු නැෂනල් ඩිරෙක්ටර් තමයි මට ආරාධනා කළේ මේ තරඟෙට සහභාගී වෙන්න කියලා.

ඇත්තටම මම එකවර කැමති වුණේ නැහැ. මාස දෙකකට විතර කලින් තමයි මට ඒ යෝජනාව කළේ. ඒ වගේම මට ඒකට කාලයක් තිබුණේ නැහැ වචනයක් එයාට කියන්න.

ඉතින් ඉඳලා ඉඳලා හරියට සතියකට කලින් තමයි වචනයක් දුන්නේ. එහෙම ලොකුවට කැමැත්තක් තිබුණේ නැහැ. ඉතින් ඉටපසේ ඉක්මනට සූදානම් වෙලා මම ඒකට සහභාගිවුණා.

ඔබ මිසිස් ටැලන්ට් බවට පත්වීමට ඒ තරඟයේදී හේතුවුණු දේවල් මොනවද ?


ඒ ටැලන්ට් කියන ටයිටල් එකේදී අපිට නිදහස තියෙනවා ඕන දෙයක් ඉදිරිපත්කරන්න. ඒක හැම Beauty Pageant එකකම තියෙනවා. වැඩිපුරම දක්ෂ දේ තමයි කරන්න ඕන.

විවධ රටවල අය සින්දු කිව්වා. කෑම හැදුවා. මම ඇත්තටම කළේ කරන්නම බැරි දෙයක්. මම ගොඩාක් කාලයක් තිස්සේ පුරුදු වෙන්න උත්සාහ කරන Dance ඇක්ට් එකක් තමයි මන් එතෙන්දි කලේ.

ඉතින් මට එකේදී ගොඩාක් දෙනෙක් මට උදව් කළා. මම බලාපොරොත්තුවක් වුණේ නැහැ මට අවස්ථාවක් ලැබේවි කියලා. නමුත් ඉතින් සියලුදෙනා අභිබවා ශ්‍රී ලංකාවට ඒ අවස්ථාව ලැබුණා. මම ගොඩාක් සතුටුවෙන්නේ මම උත්සාහ කරපු දෙයක් ලැබුණු එක ගැන.

ඉදිරියටත් මේ වගේ තරඟ වලට සහභාගිවෙන්වද ?


එහෙම ලොකු බලාපොරොත්තුවක් නම් නැහැ. හැබැයි මං ඒ තැනින් ගොඩාක් ලොකු අත්දැකීම් සමූහයක් ගත්තා.

ඒ තරඟයේදී රටවල් 10කම අය හොඳම යාළුවො වෙලා හිටියා. ඉතින් ඒ ගොල්ලෝ දැනටත් මට කතා කරනවා.

ඉතින් ඒ දේවල් ටිකම මට ගොඩාක් වටිනවා. ඉතින් ඉදිරියට මේ වගේ තවත් තරඟවලට යන්න අපේක්ෂාවක් නැහැ.

ගයත්‍රී ඩයස් Beauty Pageant තරඟයේදී ලබාගත් ඡායාරූප එකතුවක් පහතින්...





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S