Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

2017 වසර සදහා අය වැය ඉදිරිපත් කිරීමෙන් පසු ඊට පක්ෂව සහ විපක්ෂව මැති ඇමතිවරුන් සිය අදහස් පළ කළා.

සුසිල් ප්‍රේමජයන්ත්, රෝහිත අබේගුණවර්ධන, කබීර් හෂීම්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, අකිල විරාජ් කාරියවසම්, කෙහෙළිය රඹුක්වැල්ල, දුමින්ද දිසානායක, අනුර කුමාර දිසානායක සහ විමල් වීරවංශ යන මැති ඇමතිවරු ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ මෙවර අයවැයෙන් ජනතාවට බලාපොරොත්තුවක් ලබාදී නොමැති බවයි.

කෙසේ වෙතත්, ඉන් ඒකාබද්ධ විපක්ෂයට වාසියක් සිදුව ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

කබීර් හෂීම් අමාත්‍යවරයා අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මීට පෙර අයවැයවලින් පාලකයන් වෙනුවෙන් මුදල් වෙන් කළද මෙවර ජනතාව වෙනුවෙන් මුදල් වෙන්කර ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අයවැය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ 2016 වසරේ මෙන් අයවැය කිහිපයක් ගෙන නොඑන ලෙස තමන් මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර, අයවැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවැත්වෙන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරු රැසක් එක්ව සිටියා.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S