Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

චිත්‍රපටයක් රූගත කිරීමක් අතරතුරදී නළුවන් දෙදෙනෙක් දියේ ගිළී මියගොස් තිබෙනවා.

හෙලිකොප්ටරයකින් දියට පැනීමේ අවස්ථාවක් රූගත කරන අවස්ථාවේදී ප්‍රධාන නළුවා සහ තවත් නළුවන් දෙදෙනෙක් ජලාශයට පැන තිබෙනවා.

ප්‍රධාන නළුවා දියට පැනීමෙන් අනතුරව පිහිනීමේ හැකියාව තිබුණු නිසා ජීවිතය බේරාගැනීමට සමත්වෙලා.

දකුණු ඉන්දියාවේ ප්‍රදේශයක කරන ලද රූගත කිරිමකදී මේ අනතුර සිදුවී ඇති අතර දුනියා විජේ නමැති කර්ණාටක නළුවා දිවි ගලවා ගැනීමට වාසනාවන්තවෙලා කියලයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ.

නමුත් ඔහුත් සමඟ එම දර්ශනය පටිගත කිරීමට සහභාගී වූ අනෙක් නළුවන් දෙදෙනාට ජීවිතය බේරා ගැනීමට හැකියා ලැබී නැහැ.

මෙලෙස දියේ ගිලීමෙන් මය ගියේ අනිල් වර්මා සහ රාගව් උදායි නළුවන් දෙදෙනෙක් බව සඳහන්.

එම රූගත කිරීමේදී ජීවිත ආරක්ෂක කබා රැගෙන ගොස් නැති බව අනාවරණ වී තිබෙනවා.

මේ නිසා නළුවන් මිය යාම සහ ආරක්‍ෂිත ක්‍රමයන් අනුගමය නොකිරීම හේතුවෙන් චිත්‍රපටයේ නිෂ්පාදකයන්ට නඩු පැවරීමට කටයුතු කරන බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S