Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

"මට කරදර කරනවා ඉක්මනට ගෙදර එන්න"
"තමුන්ට ගෑණි නඩත්තු කරන්න බෑ ඒකයි මට කැමති වුණේ "

විවාහය කියන්නේ කඩදාසි කොලයක් මත අත්සන් කිරීමෙන් පමණක් සිදුවන එකක් නෙවෙයි.

එය අඹුසැමියන්ගේ ආදරය සහ විශ්වාසය මත ගොඩනැගෙන දෙයක්.

අනියම් පෙම් සුවයන් සොයාගොස් පවුල් ජීවිත කඩා වැටීම අවසන් වන්නේ පුද්ගල ඝාතනයන් මගිනි.

ඒ විදියට සැමියා ගෙදර රැකියාවට ගොස් සිටියදී බිරිඳ විසින් වෙනත් අයෙකු සමඟ අනියම් සම්න්බධයකින් නැවත විවාහ වීමෙන් සිදුවූ ඛේදවාචකයක් වාර්තාවුණේ මෙලෙසයි.

ලෝකයටම සුපිරි සඳක් පායන්නට එක්දිනක් පමණක් ඉතිරිව තිබෙද්දී විල්ගමුවේ මහ පොලව රක්තවර්ණයෙන් නැහැවු කතාවක සුලමුල හෙළිකර ගැනීමට හැකිවුණා.

මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශය ලේකම් කොට්ඨාසයේ බත්ගම්පල ප්‍රදේශයේ රූමත් විසි දෙහැවිරිදි ගැබිණි තරුණියක ඉතා අමානුෂික අන්දමින් ඝාතනය කළ පුවත ප්‍රදේශයේ රාව ප්‍රතිරාව දුන්නේ මීට දින කිහිපයකට පෙරය.

පොලොන්නරුව ප්‍රදේශයේ යුධ හමුදාවේ සේවය කරන ලද සෙබළෙකු හා විවාහවන තරුණ කාන්තාව සිය ප්‍රේමනීය දිවිය අරඹන්නේ විල්ගමුව ප්‍රදේශයේමය.

යහපත් පවුල් ජීවිතයක් ගෙවමින් කටයුතු කළ මේ පෙම් යුවළ වෙන්වන්නේ හමුදාවේම පුහුණුවකට මාස 09 ක කාලයක් පුරා වෙන්වීමත් සමගය.

ගෙදර නොයෙන සැමියා ගැන නොසොයා දෙමව්පියන්ගේ ද කැමැත්ත හා අනුදැනුම මත දෙවැනි විවාහයක් කර ගන්නට සැරසෙන්නේ මේ වකවානුවේය.

විල්ගමුව - හඳුන්ගමුව වෙහෙරගල අලිවංගුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විසි හතර හැවිරිදි ඔහු වසර 03 පමණ සිට සිවිල් ආරක්ෂක සේවයේ යෙදෙන මෙම තරුණයා ජංගම දුරකතනය මගින් ඇය හා ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගනියි.

යුද හමුදා සෙබළා සමග විවාහ වි සිටි තරුණිය සිවිල් ආරක්ෂක සෙබළා සමග අනියම් ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගත්ත ද සිවිල් ආරක්ෂක සෙබළා ඇය විවාහක කාන්තාවක බව නොදනියි.

ආදරයට "සුදු"ලෙස හැදින්වු සිය ගැබ්ගත් බිරිඳ කපා කොටා ඝාතනය කරන්නට තරම් සාහසික වූ මෙම තරුණයා තුළ හටගත් වෛරය කුමක්ද යන්න විමසීම වැදගත්වෙයි.

අප වාර්තාකරු සඳහන් කළ පරිදි සිවිල් ආරක්ෂක සෙබලා බොහෝ නිහඬ චරිතයකි. මෙතෙක් කාලයක් ජීවත්වූ ඔහුට පොලිසියේ කිසිදු චෝදනාවක් නොමැති තරමට හොඳ චරිතයක්ය.

ඔහුගේ පියාද විසි අවුරුද්දක් සිවිල් ආරක්ෂක සේවයේ නිරතව සිටි අයෙක් බවත් සෙබළාගේ මව විදෙස් ගත වී සිටි කාක්තාවක් සඳහන්.

කාලය ගෙවී යද්දි නව විහාවපත් යුවළට දාව සිය බිඳගේ කුසතුල මෝරණ දරුගැබ දෙස ආසාවෙන් බලා සිටි මේ යුවළ ජීවිතයේ අනේකවිද බලාපොරොත්තු පොදිබැන්දේ ඉහටත් උඩිනි.

කෙසේ නමුත් සිය බිරිඳ තවත් විවාහයක් සිදුකරගෙන සිටි බව නොදත් සිවිල් ආරක්ෂක සෙබළා විවාහයෙන් මාස 03 ක් ගතවෙද්දි සියල්ල වටහාගනියි.

මේ අතර සිය හමුදා පුහුණුව අවසන්ව නැවතත් බිරිඳගේ ගමට ආ හමුදා සෙබළා දැනගන්නේ සිය බිරිඳ වෙනත් විවාහයක් කරගෙන ඇති බවයි.

පසුව සිදුවන බහින්බස් වීම් මැද ආරවුලක් හට ගන්නට වැඩි වෙලාවක් ගතවුණේ නැහැ.

කෙසේ නමුත් දෙවැනි විවාහයේ සැමියා මේ බව දැනගැනීමෙන් දැඩි නොසන්සුන්තාවයකට පත්වුණා.

මේ අතර පසුගිය දහතුන්වන දිනසිය බිරිඳගෙන් දුරකතන ඇමතුක් ඔහුට ලැබුණා. එම දුරකථන ඇමතුමෙන් කියවුණේ "මට කරදර කනවා ඉක්මනට ගෙදර එන්න" යනුවෙන්ය.

ක්‍රෝදයත් වෛරයත් අතරේ යතුරු පැදිය වෙගයෙන් පදවා ඉදිරියට එද්දි ඔහුට මුණගැසෙන්නේ පළමු සැමියා වූ හමුදා සෙබළායි.

"උඹට ගෑණි නඩත්තු කරන්න බෑ ඒකයි මට කැමති වුණේ " ඇවිලුණු කෝප ගින්න අතරේ සිය බෑගයේ තිබූ මන්නා පිහියකින් හමුදා සෙබළාගේ පිට මැදට කොටනවාත් සමග ආයාසයෙන් එම ස්ථානයෙන් පලායෑමට හමුදා සෙබළා සමත්වුණා.

එහිදී තුවාල ලැබූ ඔහු අසල්වාසීන් ඔහු රොහල්ගතකළා.

මේ පිළිබඳව විල්ගමුව පොලිසි ස්ථානාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කළා.

" හමුදා සෙබළාට පහර දීමෙන් අනතුරුව සැකකාර සිවිල් ආරක්ෂක සෙබලා සිය බිරිඳසොයා ගොස් තිබෙනවා. බිරිඳගේ මවට මෙහිදි ඔහු චෝදනා කර ඇත්තේ පෙර විවාහක බිරිඳක් තමාට විවාවකර දී ඇති බවත් තමා රවටා ඇති බවයි.

දිින් දිගටම ඇදීගිය වචන හුවමාරුවේ අවසානය වූයේ සිය මන්නා පිහියෙන් නැන්දම්මාට පහරදීමයි.

ඒ සමගම බිරිඳ පසුපස එලවා ගිය ඔහු බිරිඳගේ දෑත් වෙන්වන සේ කපා දමමින් දරු ගැබට ද පිහියෙන් කොටා ඇති බව පොලිස් පරික්ෂණ වල දි අනාවරණවුණා.

අදාළ සිවිල් ආරක්ෂක සෙබළා සියදිවි නසා ගැනීමට උත්සාහ කරන බව ආරංචිවූ පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S