Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

"මාත් එක්ක යහළුවන් තරහ වෙද්දී සර් මට ගොඩක් ළං වුණා"
"කාලයක් ගතවෙද්දී පන්තියේ ඉතුරු වුණේ මම විතරයි"

පාසල් අධ්‍යාපනය ලබලා සරසවි වරම් ලබන්න සිසු සිසුවියන් තුළ ඇත්තේ පුදුම ආශාවක්.

ඒ වගේම සරසවි වරම් ලබාගෙන සරසවි සිහිනය සැබෑ කර ගන්නවා කියන්නේ ඒකට. දිවා රෑ නොබලා පාඩම් කරන්නේ ඒ වෙනුවෙන්.

මේ නිසයි මොන දේ කරලා හරි තමන්ගේ දරුවට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න මව්පියන් දරුවන්ට වියදම් කරන්නේ.

ඉතින් ඒ නිසා දරුවන් නිරන්තරයෙන්ම පෞද්ගලික පන්ති වලට සහභාගී වෙනවා.

ඉතින් අන්න ඒ වගේ අධ්‍යාපනය ලබලා සරසවි වරම් ලබාගෙන ගුරුවරයෙකු වුණු අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙක් පෞද්ගලික පන්ති කරමින් සරසවි සිහින සැබෑ කරවන්නට මඟ පෙන්වන්න ගිහින් අයුතු යෝජනාවක් කරපු පුවතක් වාර්තාවුණා.

ඔහු අම්පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර එම ප්‍රදේශයේම උසස් පාසලකින් අධ්‍යාපනය ලබන ඔහු සරසවි වරම් ලබාගෙන සරසවි අධ්‍යාපනය ලබනවා.

ඉතින් සරසවි සිසුන් විසින් ආදායම් මාර්ගයක් ලෙස පෞද්ගලික පන්ති කිරීම රටේ දැනටත් වඩා ප්‍රසිද්ධයි.

මේ නිසා ගෙදරට බරක් නොවී තමන්ගේ අධ්‍යාපන කටයුතු කර ගැනීමට මෙලෙස ටියුෂන් කිරීමෙන් ලැබෙන මුදල ප්‍රමාණවත්ය.

ඉතින් මේ පුද්ගලයත් අම්පාර ප්‍රදේශයේ ඉඳලා ඇවිල්ලා ටියුෂන් පටන් අරන් ජයටම කරගෙන යනවා.

ඔහු රසායන විද්‍යාව ඉගැන්වීම සඳහා ඉතාමත් දක්ෂ වුණා. මේ නිසා ඔහු ළමයි අතර ගොඩාක් ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙක් බවට පත්වෙනවා.

මේ ටියුෂන් ගුරුවරයාගෙන් ඉගෙනගන්න ගිය සිසුවියෙකුට හරිම ආදරෙන් උගන්වලා තිබුණේ මුල් කාලයේ සාමන්‍ය ගුරුවරයෙකු ලෙසයි.

ඉතින් ගුරුවරයෙක් වුණාම තමන්ගෙන් ඉගෙනගන්න දරුවන්ට ආදරය, කරුණාව දක්වන්න ඕන. ඉතින් එම සිසුවිය තමන් මුහණ දුන් අත්දැකීම සතිඅන්ත පුවත්පතකට සඳහන් කරලා තිබුණේ මේ විදියට.

උසස්පෙළ කරන්න විද්‍යාව විෂය ධාරාව තෝරාගත් ඇයට රසායන විද්‍යාව සඳහා පෞද්ගලික පන්තියක් සොයමින් සිටින අතරතුර තමයි මේ ගුරුවරයාගේ පන්තිය හමුවන්නේ.

ඉතින් ඇය පන්ති ගියපු මුල් කාලේ හොඳට ඉගැන්වීම් කටයුතු කරලා තිබුණා.

"සර් අපේ ළඟට ඇවිත් තේරුම් ගන්න බැරි දේවල් කියලාදෙනවා. ඉතින් මුල ඉන්දලම මට සර් ගැන ලොකු පැහැදීමක් තිබුණා. ඒ වගේම අහන ඕනෑම ප්‍රශ්නයකටම සර් ළඟ පිළිතුරු තිබුණා." ඒ වගේ තමයි ඇය ළඟ සර් ගැන පැහැදීම තිබුණේ.

මේ සිසුවිය ඔහුගේ පන්ති යන්නට පටන් අරන් තිබුණේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දීලා ප්‍රතිපල එන අතරතුරයි.

ඉතින් කාලයක් ගතවෙද්දී සාමන්‍ය පෙළ ප්‍රතිපල ඇවිල්ලා තිබුණේ මේ කියන සිසුවියත් හොඳ ප්‍රතිපල මගින් විභාගය සමත් කරමින්.

"මට හොඳ ප්‍රතිපල තිබුණ නිසා සර් ගොඩක් සතුටු වුණා. හැබයි කාලයක් යද්දී සර් වෙනස් වෙන්න ගත්තා."

මේ අමුතු වෙනස් වීම ගැන ඇය සඳහන් කරලා තිබුණේ මේ විදියට.

"මට දැනුණා සර් අනිත් ළමයින්ට වඩා මට වැඩි උනන්දුවකින් ඉගැන්වීම කටයුතු කරන බව. සර් හැම වෙලාවේම මං ගැන වැඩි අවධානයක් යොමු කළා.මට සර් ආදරේ කියලා මන් හිතුවේ මගේ දක්ෂතාවය නිසා කියලයි මම හිතන් හිටියේ."

පන්තියක දක්ෂක ළමයෙක් ඉන්නවා නම් ගුරුවරු ගොඩක් කැමතියි නේ. අනික ඒක සාමන්‍ය දෙයක්.

නමුත් කාලයක් ගෙවිල යද්දී මේ පන්තියේ අමුතු වෙනසක් වෙන්න පටන් අරගෙන. මේ සිසුවියට හිතා ගන්නවත් බැරි විදියට රසායන විද්‍යාව උගන්නපු මේ ගුරුවරයාගේ පන්තියේ අනිත් ළමයි ඇයත් එක්ක තරහ වෙන්න පටන් අරන්.

ඒ ගැන සිසුවිය විසින් ගුරුවරයාට කියලත් තිබුණා. ඒ වෙලාවේදී ඔහු කියලා තිබුණේ ඇයගේ දක්ෂකම් වලට තමයි ළමයින් මේ වගේ තරහ වෙලා තියෙන්නේ කියලා.

ඒ වෙලාවේ පන්තියක යාහළුවන් තරහවෙලා තමන්ව කොන් කරනකොට ඇතිවෙන අසරණ බව මේ සිසුවියටත් ඇතිවෙලා තිබුණා.

"මාත් එක්ක යහළුවන් තරහ වෙද්දී සර් මට ගොඩක් ළං වුණා. මම ලස්සන ඇඳුමක් ඇඳගෙන අවම සර් ගොඩාක් මාව වර්ණනා කළා. කාලයක් ගතවෙද්දී පන්තියේ ඉතුරු වුණේ මම විතරයි. ඒ වුණාට සර් මට හොඳට ඉගැන්නුවා."

මෙහෙම උගන්වන එක දවසක් ටියුෂන් දුන්න ඔහු විසින් කියලා තිබුණේ "මම ඔයාට කැම්පස් යන්න උදව් කරන්නම්.එකට කරන්න තියෙන්නේ සුළු දෙයයි. ඔයා ෆෝන් එක අරන් විභාගයට යන්න. මම බහුවරණ ප්‍රශ්න වලට උත්තර කියන්නම්" ලෙසයි.

විභාගේ හොඳට පාස් වෙන්න කවුද කැමති නැත්තේ,ඒ නිසා මේ සිසුවියත් ඒ යෝජනාවට කැමැති වෙලා තිබුණා.

හැබැයි ඉතින් මේ ටියුෂන් ගුරුවරයා ඊළඟට ඇයගෙන් අහලා තිබුණේ අමුතු පප්‍රශ්නයක්.

"මෙච්චර ලොකු උදව්වක් කරලත් මට මොනවාද දෙන්නේ ,:" යනුවෙනි.

ඉතින් සිසුවිය හලා තිබුණේ සර්ට මොනවද ඕන ? යනුවෙන් ඇයත් ඒ ගුරුවරයාගෙන් අහලා තිබුණා.

ඔහුගේ යෝජනාව හරිම පුදුම යෝජනාවක් වෙලා තිබුණා.

"විභාගේ ඉවරවුණාම අපි රූම් එකකට යමු." ලෙස කරපු යෝජනාව සිසුවියගේ හද ගැස්ම පවා මොහොතකට නතර කරන්න තරම් සමත්වුණා.

මේ වෙලාවේදී ඇය බියවුණු බව දැනගත් ඔහු පවසලා තිබුණේ "බය වෙන්න එපා. මාව විශ්වාස කරන්න.මම ඔයාට මොනවත් කරන්නේ නෑ. යනුවෙන්ය.

නමුත් එදා ගෙදර ආව මේ සිසුවිය ආයෙමත් ඔහුගේ පන්තියට ගිහින් තිබුණේ නැහැ. ඒ නිසා ඔහු කරපු පන්තියත් නතර වෙලා තිබුණා. මේ ටියුෂන් ගුරා එක්ක රූම් ගියපු තවත් ළමයි ඉඳලා තියෙන බවයි ඇය පවසලා තිබුණා.

මව්පියන් විසින් දරුවන් පන්ති යනවද නැද්ද කියලා හොයලා බලලා වැඩ කරන්න ඕන කියලා මේ වගේ සිදුවීම් වලින් පැහැදිලි වෙනවා.

ඒවගේම මේ වගේ කාමාතුර ගුරුවරය්න්ගෙන් බේරිලා ඉන්න දරුවනුත් හිතට ගන්න ඕන කියා එක යුතුයි




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S