Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තුරෙයි රාෂා ලක්‍ෂ්මන් ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ කන්නියා ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. වයස තිස්‌ තුනක්‌ පමණ වන ඔහු වෘත්තියෙන් පෙදරේරුවෙකි. එයට අමතරව ලක්‍ෂ්මන් හින්දු පූජකවරයකු ලෙසද කටයුතු කරයි. ලක්‍ෂ්මන්ගේ අතීතය සතුටුදායක එකක්‌ නොවුණි. ඔහු කුඩාකල සිටම ගතකළේ දුක්‌ඛ දෝමනස්‌සයන් ගෙන් පිරුණු ජීවිතයකි. එයට ප්‍රධාන හේතුව වූයේ ඔහුගේ පියාගේ ක්‍රියා කලාපයන්ය.

ලක්‍ෂ්මන්ගේ පියා වන තුරෙයිරාෂා හින්දු භක්‌තිකයකු වූ අතර මිථ්‍යා විශ්වාස දැඩි ලෙස විශ්වාස කළේය. ඔහු දවසේ වැඩි පැය ගණනක්‌ ගතකළේ හින්දු කෝවිල් තුළයි. එලෙස ගත කළත් ඔහු "ගෙදරට දේවදත්ත, මඟට බෝධිසත්ව" යන න්‍යාය අනුගමනය කළ පුද්ගලයෙකි.

කල්ගත වෙත්ම සිහිනයෙන් ඔහුට නිධානයක්‌ පෙනෙන්නට විය. එය ලබා ගැනීමට නම් මිනිස්‌ ජීවිතයක්‌ බිලි දිය යුතු බවද සිහිනයෙන් ඔහුට පවසා තිබුණි. මිථ්‍යා මත විශ්වාස කළ තුරෙයි රාෂා එම සිහිනයෙන් දුටු නිධානය ගැන දැඩි බලාපොරොත්තු තබාගෙන සිටියේය. අදහන දෙවියන්ගෙන් පවා නිතරම ඔහු ඉල්ලා සිටියේ හැකි ඉක්‌මණින් නිධානය ලබා ගැනීමට මාර්ගයක්‌ පාදා දෙන ලෙසයි.

තුරෙයි රාෂාගේ බිරිඳ මෙම මිථ්‍යා මත කිසිවක්‌ විශ්වාස නොකළාය. ඔය මනස්‌ගාත අතහැර දමලා ජීවත් වන්නට මාර්ගයක්‌ සොයා ගන්නා ලෙස ඇය නිතරම තුරෙයි රාෂාට උපදෙස්‌ දුන්නාය. එහෙත් ඔහු එම උපදෙස්‌ කිසිදිනක පිළි නොපැද්දේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ දෙදෙනා අතර විරසකයක්‌ නිර්මාණය වීමයි. නොබෝ දිනකින්ම එය එන්න එන්නම වර්ධනය විය. අවසානයේ ඔහු තම බිරිඳට අමානුෂික ලෙස හිරිහැර කිරීමට පටන් ගත්තේය.

මොන බාධක පැමිණියත් සිහිනයෙන් පෙනෙන නිධානය කෙසේ හෝ ලබා ගත යුතු යෑයි ඔහු අධිෂ්ඨාන කර ගත්තේය. ඒ සඳහා මාසයක්‌ නොකඩවා ඔහු කෝවිල්වල පුද පූජා පැවැත් වූවේය. නිධානය ලබා ගැනීම සඳහා කෙම්මුර දවසක්‌ යොදාගෙන තිබුණි. එය ලබා ගැනීමට සියලු දේවල් සූදානම් කර තිබුණත් එක්‌ දෙයක්‌ අඩුවිය. ඒ මිනිස්‌ බිල්ලයි. නිධානය ගැන ලොකු කෑදරකමක්‌ දැක්‌වූ මෙම අමනයා මිනිස්‌ බිල්ල සඳහා තම බිරිඳ තෝරාගෙන තිබුණි. මේ කිසිදෙයක්‌ ඇය දැන සිටියේ නැත.

නිධානය ලබා ගැනීමේ දිනය උදාවිය. උදෑසන අවදි වූ ඔහු පුද පූජා පවත්වා නිධානය ලබා ගැනීම සඳහා මුල පිරුවේය. පැය ගණනක්‌ දෙවියන් ඉදිරියේ කිසිවකුටත් නොතේරෙන භාෂාවකින් ඔහු විවිධ මන්ත්‍ර ජප කළේය. ඔහුගේ බිරිඳට මෙය අරුමයක්‌ නොවුණි. වෙනදා මෙන් ඇය තම ස්‌වාමි පුරුෂයාගේ අනුවණකම් දෙස බලාගෙන සිත යටින් සිනාසුණාය.

එක්‌වරම සිදු වූයේ ඇය සිහිනයකින්වත් නොසිතූ දෙයකි. ආරූඪ වේශයක්‌ ගත් සැමියා කඩුවක්‌ අමෝරාගෙන ඇය දෙසට පැමිණියේය. ඔහු පැමිණෙන විලාශය එතරම් හොඳ නැති බව එක්‌වරම ඇයට අවබෝධ වූණි. එමනිසා ඇය නිවසින් පැන ගැනීමට උත්සාහ කළාය. එහෙත් ඇයට තැබීමට හැකිවූයේ පියවර කිහිපයකි. මොනවාදෝ මතුරමින් පැමිණි සැමියා කඩු පහරක්‌ ඇය වෙත එල්ල කළේය. ඒ සමඟම ඇය මුණින් අතට ඇද වැටුණාය. ඉන්පසු මෙම අමන පුරුෂයා යළිත් නෝතේරෙන භාෂාවකින් මොනවාදොa මුමුණමින් කඩු පහරවල් කිහිපයක්‌ අමානුෂික ලෙස එල්ල කළේ ඇයගේ විලාප හඬ මැද්දේය. අවසානයේ අමානුෂික ලෙස කඩු පහරවල්වලට ලක්‌වීමෙන් ඇය මියගිය අතර එම අමනයාට කිසිදු නිධානයක්‌ ලැබුණේ ද නැත. ලක්‍ෂ්මන්ගේ ළමා කාලය ගතවූයේ මෙවැනි අමානුෂික සිද්ධීන් සමඟයි.

ලක්‍ෂ්මන් තම පියා මෙන් මිථ්‍යා විශ්වාස දැඩි ලෙස විශ්වාස කළේය. එහෙත් ඔහු එය කිසිවකුටත් පෙන්නුවේ නැත. පෙදරේරු රැකියාව අවසන් වූ පසු ඔහු රාත්‍රී කාලයේ හින්දු කෝවිල්වලට ගොස්‌ පූජකවරුන් ඇසුරු කළේය. කල්යත්ම ඔහු හින්දු පූජකවරයකු ලෙස කටයුතු කිරීමට දැඩි කැමැත්තක්‌ දැක්‌වූවේය. එම අදහස ඔහු තමා ළඟින් ඇසුරු කළ පූජකවරයකුට පැවසුවේය. එතැන් පටන් ඔහු හින්දු පූජකයකු ලෙස කටයුතු කිරීමට ඉගෙන ගත්තේය. වැඩි කලක්‌ යැමට මත්තෙන් ඔහුට පුලියන්කුලම කෝවිලේ පූජකයා ලෙස කටයුතු කිරීමටද හැකිවිය.

පූජකවරයකු ලෙස එම කෝවිලේ කටයුතු කිරීමෙන් පසු ඔහු පෙදරේරු රැකියාවේ නිරත වීමට අකමැති වූවේය. තම බිරිඳ කොතරම් ඇවිටිලි කළත් ඔහු රැකියාවට ගියේ නැත. අවසානයේ නිවසේ ආර්ථික ගැටලු පැන නැගෙන්නට පටන් ගත්තේය. එහෙත් ඔහු එය ශත පහකටවත් ගණන් ගත්තේ නැත.

එක්‌ දිනක්‌ උදෑසන ලක්‍ෂ්මන් තම බිරිඳට පැවසුවේ තමා අපූරු සිහිනයක්‌ දුටු බවත් එයින් කියෑවුණේ ළඟදීම දවසක තමාට නිධානයක්‌ ලැබෙන බවත්ය. එය ඇසූ පමණින් ඇය තුෂ්ණිම්භූත වූවාය. ඒ ලක්‍ෂ්මන්ගේ පියාද මෙවැනි සිහිනයක්‌ දැක අමානුෂික ලෙස තම බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය මතක්‌ වීමත් සමඟය. අතීතයේ සිදුවූ අමිහිරි සිද්ධිය යළි පසක්‌ කර දෙමින් ඔය මනස්‌ගාත ඔළුවෙන් අයින් කරගන්නා ලෙස ඇය තම සැමියාට පැවසුවාය.

දිගින් දිගටම නිධානය පිළිබඳ සිහිනය ලක්‍ෂ්මන්ට පෙනෙන්නට විය. ඒ සෑම දිනකම ඔහු බිරිඳට ද ඒ බව පැවසුවේය. නමුත් එක හෙළාම ඇය පැවසුවේ ඔය බොරු මනස්‌ගාතවලට රැවටෙන්න එපා කියාය. බිරිඳගෙන් නිධානය ගන්න උදව් නොලැබෙන බව ඔහු තේරුම් ගත්තේය. එමනිසා තනිවම නිධානය ගැනීමට ලක්‍ෂ්මන් තීරණය කළේය.

ලක්‍ෂ්මන් ගැන බිරිඳ සිටියේ දැඩි අවධානයකිනි. නිධානය ගැන අදහස ඔහුගේ සිතින් ඈත්වී නොමැති බව ඇයට අවබෝධ වූවාය. යළිත් වරක්‌ ඇය තම ස්‌වාමිපුරුෂයාට අවවාද කළේ පියා වගේ මිථ්‍යා මත විශ්වාස නොකර ජීවත් වන ලෙසයි. එය ඇසීමෙන් ලක්‍ෂ්මන් යක්‍ෂාරූඪ වූවේය. ඇයගේ කම්මුලට වැරෙන් පහරක්‌ එල්ල කළේ දරු දෙදෙනා ඉදිරිපිටදීමය. එතැනින් නොනැවතුණු ඔහු තවත් පහරවල් කිහිපයක්‌ ඇයට එල්ල කරමින් අනවශ්‍ය වැඩවලට ඇඟිලි නොගහා පාඩුවේ ඉන්නා ලෙස තර්ජනය කළේය.

ලක්‍ෂ්මන්ගේ පියා සහ මව අතර විරසකයක්‌ ඇති වූයේද නිධානයේ සිද්ධියත් සමඟයි. ලක්‍ෂ්මන් සහ බිරිඳ අතර විරසකයක්‌ නිර්මාණය වූයේ ඉහත සඳහන් කළ නිධන් සිද්ධියත් සමඟය. එන්න එන්නම ලක්‍ෂ්මන් දරදඬු පුද්ගලයකු වූවේය. නිතරම ඔහු "තොපි තුන්දෙනාව (බිරිඳයි දරු දෙදෙනායි) මරලා හරි නිධානය ගන්නා බව පැවසුවේය. එම නිසා ඇය සිටියේ තම සැමියා ගැන දැඩි විමසිල්ලකිනි.

පුලියන්කුලම හින්දු කෝවිලේ පූජකයා වූ ලක්‍ෂ්මන් එන්න එන්නම නිවසට වඩා වැඩි කාලයක්‌ කෝවිල තුළ ගත කළේය. ඔහුට අවශ්‍ය වූයේ පිටත මිනිසුන්ට තමා සැබෑ පූජකයකු ලෙස පෙන්වීමටයි. නමුත් ඔහු අනුගමනය කළේ තම පියා අනුගමනය කළ ගෙදරට දේවදත්ත පිටතට බෝධිසත්ව යන නියායමයි. නිධානය ගැනීමේ අදහස ඔහුගේ සිත තුළ තදින්ම කාවැදුණේය. එම නිසා දිනපතා ඔහු බිරිඳ සමඟ රණ්‌ඩු සරුවල් ඇතිකර ගත්තේ නිධානය මුල්කර ගනිමින්ය. අවසානයේ බිරිඳ සහ දරු දෙදෙනා බිල්ලට දී හෝ නිධානය ලබා ගන්නා බවට ඔහු දෙවියන් ඉදිරියේ පොරොන්දු වූවේය.

පසුගිය මස පොහොය දිනයට පෙර රාත්‍රී කාලයේ අපූරු සිදුවීමක්‌ සිදුවිය. පුලියන්කුලම කෝවිලේ සිටි මිනිසකු එක්‌වරම නිර්වස්‌ත්‍රව ගම පුරා දිව්වේ අසිහියෙන් මෙන්ය. සුළු මොහොතක්‌ ගත වන්නට පෙර ගම්හු එලෙස නිර්වස්‌ත්‍රව දුවන පුද්ගලයා කවුරුන්ද යන්න හඳුනා ගත්තේය. ඔහු වෙන කවුරුත් නොව පුලියන්කුලම කෝවිලේ ලක්‍ෂ්මන් පූජකයාය. පසුව ඔහුව අල්ලාගත් ගම්හු නිවස කරා රැගෙන ගියේය. එහිදී ඔහු පැවසුවේ තමාට කිසිම දෙයක්‌ අමතක බවත්, යම්කිසි බලවේගයක්‌ විසින් එලෙස තමාව රැගෙන ගිය බවත්ය. සමහර පුද්ගලයෝ එය විශ්වාස කළෝය.

නිධානය නිසා ලක්‍ෂ්මන් බිරිඳ සමඟ දිනපතා රණ්‌ඩු සරුවල් ඇති කර ගත්තේය. නිතරම ඔහු පැවසුවේ නිධානය ගැනීම සඳහා කාව හෝ බිල්ලට දිය යුතු බවය. තත්ත්වය එන්න එන්නම දරුණු විය. ලක්‍ෂ්මන් සිටියේ නිධානය නිසා අසිහියෙන් මෙන්ය. බිරිඳගේ සිතට අනතුරක සේයාවක්‌ දැනිණ. වහාම ඇය තම දරු දෙදෙනා සමඟ වැඩිමහල් සොහොයුරියගේ නිවස වෙත ගියාය. අකුරක්‌ නෑර සියලු දේ ඇය තම සොහොයුරියට පැවසුවාය. එය අසා සිටි ඇය කැමැති කාලයක්‌ තම නිවසේ රැඳී සිටින ලෙස පැවසුවාය. මඳ වේලාවක්‌ ගතවීමට මත්තෙන් ලක්‍ෂ්මන්ද එම නිවසට පැමිණියේය. එහිදී ඔහු හැසිරුණේ කිසිම වරදක්‌ නොකරපු පුද්ගලයකු ලෙසින්ය. දෙදෙනා අතර එම මොහොතේ කිසිදු අවුලක්‌ නොමැති බව දැනගත් වැඩිමහල් සොහොයුරිය නිවසින් පිට වූයේ එළවළු මිලදී ගැනීම සඳහාය.

ගතවූයේ සුළු මොහොතකි. පූජක ලක්‍ෂ්මන් යළි ආරූඪ වූවේය. නොතේරෙන භාෂාවකින් මොනවදොa දොඩවමින් ඔහු අමානුෂික ලෙස තම දරු දෙදෙනාටම කඩු පහරවල් එල්ල කළේය. එය දුටු ලක්‍ෂ්මන්ගේ බිරිඳ ප්‍රදේශය දෙවනත් වන සේ කෑගසමින් තම දරු දෙදෙනා බේරා ගැනිමට උත්සාහ කළාය. නමුත් එය අසාර්ථක වූවාය. එම පාපතරයා ඒ වන විටත් එම පුංචි දරු දෙදෙනාව කඩුවෙන් කපා කොටා ඝාතනය කර තිබුණි. ලේ විලක්‌ මැද වැටී සිටි දරු දෙදෙනා දැකීමෙන් මව් සෙනෙහස දරාගත නොහැකිව ඇය අසිහියෙන් මෙන් කෑගැසුවාය.

නිවස දෙසින් එන මරළතෝනි හඬ එළවළු මිලදී ගැනීමට ගිය වැඩිමහල් සොහොයුරියට ඇසුණාය. වහාම ඇය පොලිස්‌ හදිසි ඇමතුම් ඒකකයට ඒ බව දන්වා තම නිවස වෙත පිම්මේ දිව ආවේය. ඒ වන විටත් නිවස අසළ මිනිස්‌සු කිහිප දෙනෙක්‌ එක්‌ රොක්‌වී සිටියෝය. නිවස තුළින් කෙඳිරිලි හඬක්‌ සමඟ ලක්‍ෂ්මන් පූජකයාගේ නොතේරෙන භාෂා හඬක්‌ ඇසුණි. පොලිස්‌ නිලධාරීන්ගේ පැමිණීමේ ප්‍රමාදය නිසා එතැන සිටි මිනිස්‌සු නිවසේ ජනේලයෙක්‌ බිඳ දැමුවෝය.

බිඳ දැමූ ජනේලයෙන් ඔවුහු සියලු දේ දුටුවෝය. කඩුවක්‌ අතැතිව සිටි එම පාපතරයා මොනවාදොa මතුරමින් සිටියේය. දරු දෙදෙනා ලේ විලක්‌ මැද වැටී සිටි අතර බිරිඳ පොළවේ දඟලමින් දෙලොවක්‌ අතර පන අදිමින් සිටියාය. ඇය බේරා ගැනීමට පුද්ගලයකු සැරසුණත් එම පාපතරයා පැවසුවේ එකෙක්‌ හරි ආවොත් පෙති ගහලා මරණ බවටයි. ජීවිතයට ඇති අශාව නිසා කිසිවකුත් ඇය බේරා ගැනීමට ඉදිරිපත් නොවුණේය. අවසානයේ පොලිස්‌ නිලධාරීහු පැමිණ බරපතළ තුවාල ලැබූ එම තිදෙනා රෝහල්ගත කිරීමට කටයුතු කළෝය. ඒ වන විටත් ඔවුහු අවසන් හුස්‌ම පොදත් වාතලයට මුසුකර හමාරය.

අත්අඩංගුවට ගත් එම පාපතරයා පැවසුවේ තමා කිසි දෙයක්‌ නොදන්නා බවත්, කිසියම් බලවේගයක්‌ ශරීරයට ඇතුළුවීම නිසා එසේ සිදුවූ බවත්ය. එම ප්‍රකාශය ඉතා කෙටි එකකි. නමුත් එම පාපතරයා විසින් සිදුකළ දෙය මහ පොළොව පවා නුහූලන විශාල ගණයේ සමාව දිය නොහැකි අපරාධයකි. එම නිසා ආගම්වලට මුවාවෙන් මෙවැනි ක්‍රියා කරන පාපතරයන්ට දිය යුත්තේ රජ කාලේ දඬුවම්ය.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S