Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

කරදරයක් වුණාම දැක්කත් අහක බලාගෙන යන මිනිස්සු අතරේ පිහිටට එන උතුම් මිනිස්සුත් මේ සමාජයේ ඉන්නවා.

ඒකට කදිම උදාහරණයක් සපයන කතාවක් ගැන අපිට රඹුක්කන පැත්තෙන් අහන්න ලැබුණා.

රඹුක්කන කිරිවැල්ලාපිටියේ මාරගහ යට පසුගිය දවසක උදේ රිලවෙක් වාහනයකට හැප්පිලා.

මේ සතා මැරුණා කියලා හිතාගෙන එතන හිටපු අය පාරේ අයිනට දාලා.

මේ වෙලාවේ එතනින් බයික් එකේ ගිය රජිත ශ්‍රීමාල් මිනිස්සු වටවෙලා ඉන්න නිසා නතර කරලා බැලුවාම එයාට තේරිලා තියෙනවා මේ සතා තාමත් ජීවත් වෙනවා කියලා.

ඉතිං දෙපාරක් හිතන්නේ නැතිව රජිත එයාගේ තාත්තට කතා කරලා කියලා තියෙන්නේ " තාත්තේ රිලවෙක් හැප්පිලා ඉන්නවා. අතක් කැඩිලා වගේ තියෙන්නේ කියලා"

ඊට පස්සේ එයාගේ තාත්තත් එක්ක මේ සතාව රඹුක්කන වහව පශුවෛද්‍යවරයෙක් ගාවට අරගෙන ගිහින් මේ සතාට බෙහෙත් කරලා.

ඒත් පස්සේ මේ සතා ජීවිතේ දාලා ගිහින්. අවුරුදු 24 ක් වුණු රජිත රඹුක්කන විධායක ඉංජිනේරු කාර්යාලයේ සේවය කරනවා.

තමන්ගේ අම්මා තාත්තව බලු කූඩුවල දාලා සත්තුන්ට වගේ සලකන සමාජයක මේ අහිංසක සතාගේ ජීවිතේ බේරගන්න උත්සහ කරපු රජිත වගේ තරුණයන් ගැන අගය කරන්න ඕනේ.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S