Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

" යහන්ගතවන එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 1000යි"

ප්‍රේමය නිසා ජීවිතය සදාකල්ම ගොඩ දාගන්න අය මෙන්ම සදාකල්ම නාස්ති කර ගන්නා තරුණයන් සහ තරුණියන් ඉන්නවානේ.

ඉතින් අන්න ඒ ප්‍රේමය නිසා ඕනවට වඩා අවංක වෙන්න ගියාම වෙනත් අය විසින් ප්‍රයෝජන ගන්නේ අපි දන්නෙම නැතිව.

අන්න ඒ වගේ අවංක ප්‍රේමය නිසා අකාලයේ ජීවිතය විනාශ කරගෙන පාරට වැටුණු කාන්තාවක් ගැනයි මේ හෙළිදරව්ව.

පසුගිය දිනෙක ගාල්ල ප්‍රදේශයේ ගණිකා මඩමක් වැටලීමෙන් කාන්තාක් අත්අඩංගුවට ගත්බව මාධ්‍ය වලින් අප දැකල තිබුණනේ.හැබැයි ඒ කාන්තාව ගණිකාවක් වුණේ කොහොමද කියල කව්රුත් හොයල බැලුවේ නැතුව සියලුදෙනාම කළේ ඒ කාන්තාව ගණිකාවක් ලෙස හංවඩු ගැහුව්ව එක.

නමුත් ඇය තමන්ව ගණිකාවක් කළ අමිහිරි අතීතය ගැන මෙහෙම කියලා තිබුණා.

අපි ඇය චමරි ලෙස නම කරමු. චමරිගේ ගම් පළාත කුරුණෑගල පැත්තේ ලස්සන ගමක්. ඇයට තුන් අවුරුද්දක් වෙද්දී ඇයගේ මව දාලා නොයෙන ගමන් ගියේ චමරි සදහටම තනි කරලා දාලා.

මේ නිසා ඇයට කුඩම්මාගේ රැකවරණය ලබන්න සිදුවුණා. අධ්‍යාපනය ලබලා හොඳ තැනකට යන්න අවස්ථාව ඇයට හිමි වුණේ නැහැ.

ඒ නිසා ඇයට සාමාන්‍ය පෙළ කරන කාලයේම ගෙදර නතර වෙන්න සිද්ධවුණා. මේ වෙද්දී තරුණයන්ගේ මනමාල ඇස චමරි වෙතත් යොමුවෙලා තිබුණා.

මේ නිසා තරුණයන් නිතරම ඇයගේ හවදත දිනා ගන්න හදපු වේලාවන් තිබුණා. මේ අතරේදී තමයි චමරිගේ පියත් මිය යන්නේ. මේ නිසා තව තවත් චමරිගේ ලෝකය තනිවුණා.

මේ තමයි ඇයගේ ප්‍රථම ප්‍රේමය පටන් ගන්නේ. ඇයගේ හදවත දිනා ගත්ත තරුණයාත් ලස්සන කඩවසම් අයෙක්. මේ දෙන්න කාලයක් යනකම් ආදරේ කළා.

ඉතින් මේ දෙන්නත් ආදරේ කරලා ඉන්න බැරිම තැන තමයි විවාහ වෙන්නේ .ලස්සනට පොඩියට මගුලකුත් අරන් චමරි එයාගේ සිහින කුමාරයත් එක්ක පුංචි කැදැල්ලකට යන්නේ බලාපොරොත්තු කන්ද්දක් පොදි බැඳගෙන.

මේ දෙන්නගේ ආදරෙත් එක්ක කාලය ගෙවිල යද්දී දරුවෝ දෙන්නෙක් මේ දෙන්නගේ ලෝකේ තවත් ලස්සන කළා එම විදියටදරුවෝ දෙන්නත් එක්ක ලස්සනට කාලේ ගෙවිල යද්දී කලින් ලස්සනට තිබ්බ ආදරේ පෑල දොරෙන් පැනලා ගියා.

මේ නිසා හට්ටි වලං අල්ලපු ගෙවල් වලින් ඇහිඳින්න තරම් ගැටුම් ඇතිවුණා. එන්න එන්නම ගැටුම් වැඩි වෙද්දී දෙන්නම නුරුස්සන ගතියකට පත්වුණා.

මේ නිසා ටික දවසකින් චමරිගේ සැමියා ඇය හැරදමා වෙනත් කාන්තාවක් සමඟ පවුල් කෑමට වෙනත් ප්‍රදේශයක පදිංචියට ගියා. මේ නිසා චමරි දරුවෝ දෙන්නත් එක්ක තනිවුණා.

දරුවෝ දෙන්නා ජිවත් කරන්න චමරි නොගත් උත්සයක් නැත. මේ අතරේදී තමයි චමරිගේ යාලුවෙක් මගින් මසාජ් සේවාව සපයන ආයතයක වැඩට යන්න ලැබෙන්නේ.

ඒ මහනුවර ප්‍රදේශයේ වැඩපොලක. මේ රැකියාවට ඇය මුලදී අකමැති වුණත් නැති බැරිකම් නිසා චමරි මේ රැකියාවට කැමති වෙලා ඒ ආයතනයේ වැඩට ගියා.

ඒ දරුවෝ දෙන්නා පුංචි අම්මා ළඟ තියලා එක එක මිනිසුන්ගේ ශරිරරය තලා පෙලා සුවය දීලා ගන්න සොච්චම් මුදලකින් තමයි චමරි ළමයි දෙන්න නඩත්තු කළේ.

මේ කාලේදී තමයි ඇයගෙන් මසාජ් ලබා ගත්ත තරුණයෙකු ඇයට යෝජනාවක් කරන්නේ. මේ අපායෙන් මිදිලා ඔහුත් එක්ක එන්න කියලා කිව්වට පස්සේ මේ තියෙන කරදර වලින් මිදෙන්න ඕන කියල හිතුන චමරි ඒ තරුණයාත් එක්ක කුලී නිවසක පවුල් කන්න පටන් ගන්නවා.

කලය ගතවෙද්දී මේ දෙදෙනාත් ටික දවසක් සතුටින් ගියා. චමරි දරුදෙන්න බලන්න යන්නේ කලාතුරකින්. මේ කාලේ වෙද්දී චමරි තුන්වෙනි වතාවටත් ගැබ් අරගෙන හිටියේ.

ඒ වෙද්දී අලුත් සැමියාට විදේශගතවෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ ගමනට ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අවශ්‍ය බව ඔහු චමරිට කිව්වා.

ඉතින් චමරිට ඕන වුණේ මේ කරදර ගොඩෙන් මිදෙන්න. ඒ නිසා චමරි කුලී නිවසේ හිමිකරුවනේගෙන් පොලියට ඒ සල්ලි සැමියාට අරන් දුන්නා.

ඒ වල්ලි ගත්ත සැමියා විදෙස්ගත වන අතර චමරි ගැන කිසිවක් හොයලා බලුවෙ නැහැ. ණය පොලිය ගෙවා ගන්නවත් සල්ලි නැතිවුණු චමරි මසාජ් එකටම යන්න කල්පනා කලත් ගැබ්බර වෙච්ච චමරි මිලට ගන්න කව්රුවත් ආවේ නැහැ.

මේ නිසා කබලෙන් ලිපට ලිපට වැටුණා වගේ දෙයක් වුනේ චමරිට.

ණය ගෙවා ගන්න බැරිවුණ නිසා ඇය කුලී හිමියන් නිවසෙන් එලියට ඇදලා දැම්මේ හිතක් පපුවක් නැති එකෙක් මෙන්.

චමරි සිඟමන් යදිමින් ජීවත්වුණු අතර මේ අතරෙදි තමයි ඇයට අලුත් ජොබ් එක ලැබෙන්නේ. යහළුවෙකු මාර්ගයෙන් ගාල්ලේ වැඩට එන්නේ ණය මුදල ගෙවා ගන්න ශරීරය විකුණා මුදල් සොයා ගැනීමටය.

ගාල්ලේ මේ රැකියාවට එන්න කලින් තුන්වෙනි දරුවාද ඇයට ලැබුණා. මේ නිසා ඒ දරුවා බලා ගැනීමට අසල්වැසි කාන්තාවකට පවරා ගාල්ලේ ගණිකා නිවාසයකට පැමිණෙන්නේ මේ නිසයි.

ඇයට ඒ වෙද්දී එක පුද්ගලයෙකු සමඟ සිටියොත් ඇයට රුපියල් 1000ක් මුදලක් ලැබෙයි. ඇය දිනකට ගණුදෙනුකරුවන් හය හත් දෙනෙකු සමඟ යහන්ගතවුණා.

ඇය විවිධ ප්‍රදේශවල ගණිකා මඩම්වලට ගොස් අවශ්‍ය සේවාව ලබා දීමට පුරුදුවුණා. ඇය ගාල්ලේ ආපු වෙලාවක පොලිසිට මේ ගණිකා නිවස ගැන තොරතුරු ලැබෙන අතර පසුදා උපාය දූතයෙකු මාර්ගයෙන් ගණිකා නිවස වටලනු ලැබුවා.

මේ වෙලාවේදී උපාය දුතයාට හසුවූ පොලිසියට අරන් ගියා. ඊටපස්සේ චමරි බන්ධානාගාර ගත කෙරුණා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S