Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

2017 වර්ෂයේ ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කිරීම සඳහා පසුගිය දා නල්ලතන්නියේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී ශ්‍රී පාද අඩවියේ සංචාරක හෝටලයක් සහ ආගමික සිද්ධස්ථානයක්‌ ඉදිකිරිම පිළිබඳව යළිත් කතාබහට ලක්ව තිබෙනවා.

එම රැස්වීමේදී අදහස්‌ දැක්‌වූ අඹගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ මස්‌කෙළිය මරේ වතුයායට ඉහළන් පීක්‌ෆීල්ඩ් නමැති අක්‌කර අසූ තුනක ඉඩමක්‌ හිමි දේශීය සමාගමක්‌ විසින් ඉල්ලා ඇති සංචාරක නිවාඩු නිකේතනයට තමා අවසර ලබා දුන් බවයි.

සංචාරක නිවාඩු නිකේතනයට අමතරව එහි වෙනත් කිසිදු ආගමික සිද්ධසථානයක්‌ ඉදිකිරීමට අවස්‌ථාව නොලැබෙන බව ද ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා එහිදී සඳහන් කර තිබෙනවා.
මෙම විශේෂ සාකච්ඡා අවස්‌ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් එස්‌. එම්. ප්‍රේමවංශ මහතා, නුවරඑළිය දිස්‌ත්‍රික්‌ ලේකම් හෙලන් මීගස්‌මුල්ල මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඇතුළු පෞද්ගලික ආයතනවල නිලධාරීන් රැසක්‌ ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S