Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

වාද්දුව - පොතුපිටිය - පෝද්දරමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ සිදුවූ අනතුරෙන් මිය ගිය පුද්ගලයින් 5 දෙනා බීමතින් සිටි බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

ඔවුන් අනතුර සිදුවීමට පෙර ඊයේ දහවල් කාලයේ එම ප්‍රදේශයේ පිහිටි අවන්හලක බීමතින් කාලය ගත කර ඇති බව ද සඳහන්.
ඉන් අනතුරුවයි ඔවුන් මෝටර් රථයෙන් වෙනත් ප්‍රදේශයකට යාමට උත්සාහ දරා ඇත්තේ.

පොලීසිය සදහන් කළේ එහිදී දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂාවට සිටි මුරකරුගේ උපදෙස් නොතකමින් මෙම මෝටර් රථය ඉදිරියට ධාවනය කර ඇති බවයි. මෝටර් රථය පැදවූ පුද්ගලයා දුම්රිය ගේට්ටු මුරකරු යටකිරීමට ද උත්සාහ කර ඇති බව ද පරීක්ෂණවලදී හෙළි වූ බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, අද උදෑසන සිට මෙම දුම්රිය හරස් මාර්ගයේ දෛනික රාජකාරියේ යෙදී සිටි ගේට්ටු මුරකරු නොසිටි බවට වාර්තා පළ වුණා.

වාද්දුව පොලීසිය සඳහන් කළේ මේ වන විට ගේට්ටු මුරකරු නියමිත පරිදි රාජකාරියේ යෙදී සිටින බවයි.

මෙම දුම්රිය හරස් මාර්ගය පොලීසිය මගින් පාලනය වන බව දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ කියා සිටියා.

මෙම අනතුරෙන් මිය ගිය 5 දෙනාම පිරිමි පුද්ගලයින් වන අතර, ඔවුන් අවුරුදු 43 සහ 60 අතර වයස්වල පසුවන කළුතර උතුර, කුඩාවස්කඩුව සහ වාද්දුව ප්‍රදේශවල පදිංචිකරුවන්.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S