Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

හෙළයේ මහා ගාන්ධර්වයාණන් වන ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව මහතා සුවහසක් වූ ශ්‍රී ලාංකේය සංගීත ලෝලීන්ගේ නෙතඟට කඳුලු එක්කරමින් පසුගියදා දැයෙන් සමුගෙන ගියා.

ඔහුගේ අවසන් කටයුතු සිදුවූයේ පසුගිය පස් වෙනිදායි.

කලාකරුවන් දේශපාලඥයින් මෙන්ම මහ වැසිද නොතකමින් මහා ජන ඟංගාවක්ද ඔහුට අවසන් ගෞරව දැක්වීම පිණිස ඔහුගේ මෘත දේහය තැන්පත් කර තිබූ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට පැමිණියා.

ඔහුගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට නියමිත වූ කාලය අවසන් වූයේ එදින පස්වරු 3ටයි.

මේ මොහොතේ ඔහුගේ දේහයට අවසන් ගෞරව දක්වමින් සිටියේ බිරිඳ විමලා අමරදේව ඇතුළු පවුලේ උදවියයි.

කෙසේ වෙතත් ඔවුන්ද අවසන් ගෞරව දක්වා දෙන වැසීමට සුලු මොහොතකට පෙර රැස්ව සිටි සෙනග පීරමින් යම් කලාකරුවෙකු අමරදේවයාණන්ගේ දේහය අසළට පැමිණියා.

ඒ අන් කිසිවෙකු නොව චාමර වීරසිංහයි.

අමරදේවයාණන්ට අවසන් ගෞරව දැක්වූ අවසන් කලාකරුවා වීමට තරම් වාසනාවන්ත වූ චාමර වීරසිංහ ඔහුගේ දේහයට තෙවරක් වැඳ අවසන් ගෞරව දැක්වූවා.

චමර වීරසිංහ අමරදේවයාණන්ට අවසන් ගෞරව දැක්වූ මොහොතේ ඡායාරූප ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි වලද ජනප්‍රිය වී තිබුණා.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S