Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මට්ටක්කුලිය ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ පාතාල කල්ලි ගැටුමෙන් පස්දෙනෙකු මේ වන විට ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කුඩු රොෂාන් නැමැති පාතාල සාමාජිකයා ඇතුළු එකොලොස් දෙනෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පෙර ඔවුන්ව රඳවා ප්‍රශ්න කිරීමේ දී වැදගත් තොරතුරු රැසක් හෙළිවී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

තම පියාගේ මරණය තමන්ගේ ඇස් ඉදිරිපිට දීම සිදු කිරීම නිසා කුඩු රොෂාන් මෙම ඝාතනය සඳහා පෙළඹුණු බව සඳහන් කර තිබෙනවා.

“චූටි උක්කුං මගේ තාත්තව පෙති පෙති කපලා මැරුවේ මගේ ඇස් ඉදිරිපිටදී. තාත්තා අන්තිම වතාවට මට කිව්වේ දුවපං…. දුවලා බේරියන් පුතේ කියලා…. ඒක මතක්වෙද්දී මට චූටි උක්කුං එක්ක වෛරයක් තිබුණා..”

මේ අතර මෙම ඝාතන සැලසුම පිටුපස භාරත ලක්ෂ්මන් ඝාතනයට මරණ දඬුවම නියමවූ දෙමටගොඩ චමින්ද ද සිටින බවයි වාර්තා වන්නේ.

කුඩු රොෂාන් දෙමටගොඩ චමින්දට දුරකථන ඇමතුම් මගින් චූටි උක්කුං පිළිබඳව සැලකිරීමත් සමග මෙම මරණය සඳහා ටී -56 ගිනි අවියක් සහ පිස්තෝල දෙක ලබා දීම සඳහා චමින්ද සැළසුම් කර තිබෙනවා.

කඩවත දේවාලය අසළ කැලෑරොදේ ටී-56 අවිය හංගලා තබා කපුවාගේ බෑනා ලවා ගෙනවිත් දී ඇති අතර පිස්තෝල දෙක දෙමටගොඩදී කුඩු රොෂාන්ගේ පිරිසට නාඳුනන අයෙකු විසින් ලබා දී ඇත්තේ දෙමටගොඩ චමින්දගේ දැනුම්දීම අනුවයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S