Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ක්‍රිස්තියානි යුවළක් ගඩොල් පෝරණුවක දමා පුලුස්සා මරා දැමූ පකිස්ථානු මුස්ලිම් ජාතිකයින් පස් දෙනෙකුට එරට අධිකරණය මරණ දඩුවම පනවා තිබේ.

මීට වසර දෙකකට පමණ පෙර කලහකාරී පිරිසක් එක්වී මෙම යුවළ මරා දමා තිබුණේ කුරානයට අපහාස කළ බව පවසමිනි.

මෙසේ ඝාතනය කර තිබුණේ ෂෙෂාඩ් මසී හා ශාමා බිබී නම් යුවළක්.

ඝාතනයට පත්වන අවස්ථාවේ ඇය ගැබ්ගෙනද සිටි බවයි වාර්තාවන්නේ.

මෙම සිදුවීමට සම්බන්ධව සැකකරුවන් 103 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉන් පස් දෙනෙකුට මරණ දඩුවම පමුණුවා, 8 දෙනෙකුට වසර 2ක සිරදඩුවමක් ලබා දී, ඉතිරිය අධිකරණය විසින් නිදොස් කොට තිබේ.

මෙම සිදුවීමට විරෝධය පළකරමින් එරට සුලු ජාතික ක්‍රිස්තියානි ප්‍රජාව විසින් විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්විණ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S