Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අතුරුදන්ව ඇති MH370 යානය ක්ෂණිකව හා පාලනයකින් තොරව ඉතා වේගයෙන් ඉන්දියානු සාගරය වෙත කඩා වැටී ඇති බවට නවතම වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

බෝයිං 777 වර්ගයේ, මැලේසියානු ගුවන් සේවයට අයත් මෙම යානය මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර බලා පියාසර කරමින් තිබියදී 2014 මාර්තු මාසයේදී පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් විය.

මෙම යානය හෝ එහි කළු පෙට්ටි සොයා ලෝකයේ එදාමෙදාතුර සිදුකරන ලද දැවැන්තම සෝදිසි මෙහෙයුම සිදුකළත් යානය කඩා වැටුණු නිශ්චිත ස්ථානයක් හෝ සාගර පතුලේ තිබී යානයේ සුන්බුන් කිසිවක් සොයාගැනීමට නොහැකි විය.

කෙසේ වෙතත්, මෙම යානයෙන් පියාපත්වල කොටස් කිහිපයක් පසුගිය කාලය තුළ වෙරළ කිහිපයක් වෙත ගොඩගසා තිබියදී සොයාගැනුණු අතර, ඒ ආශ්‍රයෙන් සිදුකළ පර්යේෂණ ප්‍රතිඵලයක් අනුව යානය කඩා වැටී ඇති ආකාරය සම්බන්ධයෙන් මෙම වාර්තාව සැකසී තිබේ.

එමෙන්ම, යානය පිළිබඳව වූ චන්ද්‍රිකා දත්ත අනුවද යානය ක්ෂණික හා වේගවත්ව පහළ ඒමක් පිළිබඳව කියැවෙන බව එම වාර්තාව පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවරදී ජාත්‍යන්තර ගුවන්සේවා හා සන්නිවේදන විශේෂඥයන් විසින් අතුරුදන් යානය සොයා සිදුකරන සෝදිසි මෙහෙයුමේ මීළඟ අදියර සම්බන්ධයෙන් සිදුකෙරෙන සාකච්ඡා හා සමගාමීව මෙම නවතම වාර්තාව ඉදිරිපත්ව තිබේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S