Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මිනුවන්ගොඩ - පීල්ලවත්ත නිවාස සංකීර්ණයක් ඉදිරිපිට මාර්ගයේ සිදුවූ වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පොලීසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි සුසන්ත ප්‍රගීත් සිල්වා හෙවත් ෆ්‍රෙඩී නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පාතාල කල්ලි සාමාජිකයෙකු බවයි.

සිය නිවසේ සිට මාර්ගය දෙසට පැමිණෙමින් සිටින අතරතුර යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණේ අද පෙරවරුවේ වන අතර එම ස්ථානයේ තිබී පතරොම් කොපු 06ක් ද සොයාගෙන තිබුණා.

මෙම සිදුවීම වාර්තා කිරීමට ගිය අප වර්තාකරුට මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතින් අසභ්‍ය වචනයෙන් බැන ඇති බවද සඳහන්.

මොහු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුගියදා අධිකරණයෙන් ඇප මත මුදාහැර සිට තිබෙනවා.

මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරන වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.








අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S