Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අලවතුගොඩ ප්‍රදේශයේ මවක් විසින් තම දරුවෙකු යොදවා රන් භාණ්ඩ සොරකම් කිරීමේ පුවතක් වාර්තා වෙනවා.

පසුගිය දිනෙක අදාළ කාන්තාව විසින් සිය දරු දෙදෙනාත් සමඟ අලවතුගොඩ ප්‍රදේශයේ අකුරණ නගරයේ රන් භාණ්ඩ අලෙවි සැලකට පැමිණ තිබෙනවා.

එහිදී වෙළඳසැලේ හිමිකරුගෙන් රන් භාණ්ඩ පිළිබඳව මිල ගණන් අසමින් සිට ඇති අතර එම අවස්ථාවේදී අදාළ දරුවා විසින් රත්‍රන් අත් පළඳනා සහිත මංජුසාවක් සොරකම් කර සිය මවට ලබා දී ඇත.
එම කාන්තාව පස් හැවිරිදි සහ දෙහැවිරිදි දරුවන් දෙදෙනෙකු සමඟයි අදාළ සොරකමට පැමිණ තිබුණේ.

අදාළ කාන්තාව වෙළඳසැලෙන් පිටව ගිය පසු වෙළඳසැල් හිමියා රන් භාණ්ඩ සහිත මංජුසා පරික්ෂා කිරීමේදී රන් භාණ්ඩ අඩු බව දැනගෙන ඇත.

ඉන්පසුව වෙළඳසැලේ cctv කැමරා පරික්ෂා කිරීමේදී මෙම කාන්තාවට දරුවා විසින් රන් භාණ්ඩ ගෙනවිත් දෙන බව දැක තිබෙනවා.

එම දර්ශන අලවතුගොඩ පොලිසියට ගෙනත් දෙමින් වෙළඳසැල් හිමියා විසින් මෙම සිදුවීම ප්‍රකාශ කර තිබුණා.

රුපියල් හාර ලක්ෂයකට අධික රන් අත් පළඳනා 10ක් මෙලෙස සොරකම් කර ඇතැයි වෙළඳසැල් හිමියා වසින් පොලිසියට පවසා ඇත.

මෙ සම්බන්ධයෙන් අදාළ කාන්තාව අත්අඩංගුවට ගැනීමට අලවතුගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S