Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

" මට පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. මට අනවශ්‍ය යෝජනා - ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා වූ යෝජනා ආදිය ඉදිරිපත් වුනා. පිටරට සංචාර යාම සඳහා ඇතැම් දේශපාලනඥයන් මට ආරාධනා කළා. පිටරට ගියාම ඔවුන් හමුවීමට ටෙලිපෝන් කරන්න කියනවා. ඒ වගේ අත්දැකීම් මට තියෙනවා "

පාර්ලිමේන්තුව තුළදී ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ලිංගික හිරිහැර වලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලක්වන බව හිටපු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි පවසනවා.

ලෝකය පුරා මන්ත්‍රීවරියන් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ලිංගික සහ වෙනත් හිරිහැරයට ගොදුරුවන බව පැවසෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) නව වාර්තාව සම්බන්ධයෙන් බීබීසී සේවය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය මේ බව සදහන් කර තිබෙනවා.

"මේ ගැටලුව හැමෝගෙන්ම එල්ල වෙන්නේ නැහැ. ඒ වගේ මානසිකත්වයෙන් යුක්ත අතලොස්සක් පමණයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. හැබැයි, ඒ අතලොස්ස කරන දේ ප්‍රමාණවත්, මට පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. මම දේශපාලනයට එන්නේ විවාහ වෙලා. ඒ අවස්ථාවේ මට තිබුණ පිළිගැනීම සහ මම දික්කසාදවීමෙන් පසු ලැබුණ පිළිගැනීම හාත්පසින්ම වෙනස්. ඉන් පස්සේ මට අනවශ්‍ය යෝජනා - ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා වූ යෝජනා ආදිය ඉදිරිපත් වුනා. එවැනි යෝජනා ඉදිරිපත් කළ පුද්ගලයන් මට උදව් කරන බව පවසමින් ඔවුන්ගේ කාර්යාලවලට එන මෙන් මට ආරාධනා කළා, පිටරට සංචාර යාම සඳහා ඇතැම් දේශපාලනඥයන් මට ආරාධනා කළා. පිටරට ගියාම ඔවුන් හමුවීමට ටෙලිපෝන් කරන්න කියනවා. ඒ වගේ අත්දැකීම් මට තියෙනවා "

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩි දුටරත් අදහස් දක්වමින් ඇය පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය ශ්‍රී ලංකාව තුළ දරුණු ඛේදවාචකයක් බවයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S