Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවියක් දුෂණය කර ඇය ගැබිණියක් බවට පත් කළ අයෙක් මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු නාත්තන්ඩිය - පනන්ගොඩ පදිංචිකරුවෙකු වන 15 හැවිරිදි වියේ පසුවූ පාසැල් සිසුවෙක්.
අතවරයට පත්ව ඇත්තේ සැකකරුගේ නිවසට යාබද නිවසක පදිංචිව සිටි දැරියක්.

ඇය එම ප්‍රදේශයේ පාසලක 08 වන ඉගෙනුම ලබන බවයි වාර්තා වුණේ.

සැකකරු සහ අතවරයට පත්ව ඇති දැරිවිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇති අතර දැරිවියගේ නිවසේ විදුලිය නොමැති නිසා ඇය රූපවාහිණිය නැරඹීම සදහා නිතර සැකකරුගේ නිවසට ගොස් තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේ දිනක සැකකරුගේ නිවසේ රූපවාහිණිය නරඹමින් සිටින විට දැරිවියව වැසිකිළියට කැදවාගෙන ගොස් ඇති සැකකරු එහිදී පළමු වරට ඇයව දුෂණය කර ඇති බව හෙළිව තිබෙනවා.

අනතුරුව අවස්ථාව ලැබෙනු අවස්ථා කීපයකදීම දෙදෙනා අඹු - සැමි ඇසුරක් පවත්වා ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

පාසලේදී දැරිවිය පෙන්වා ඇති අසාමාන චර්යාවක් හේතුවෙන් ඇය සම්බන්ධයෙන් අවධානයෙන් සිට ඇති විදුහල්පතිවරයා මේ බව ඇයගේ මව්පියන්ට දැන්වීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව තම දියණිගේ අසාමාන හැසිරීම සම්බන්ධයෙන් සොයා බලන විට ඇය ගැබිණියක් බවට ඇයගේ මව්පියන්ට හෙළිව තිබෙනවා.

පසුව දැරිවියගේ මව්පියන් විසින් මේ බව මාරවිල පොලීසිය දැන්වීමට කටයුතු කර ඇතිඅතර අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍යය ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා..




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S