Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ තමන් බව පවසමින් ලිපියක් ලියා තබා යුද හමුදාවේ විශ්‍රාමික බලයලත් නිලධාරියෙකු අද අලුයම ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

කෑගල්ල පොලිසිය සඳහන් කළේ කරඬුපන - දෙහිිපිටිය ප්‍රදේශයේ පදිංචි මොහු 52 හැවිරිදි තිදරු පියෙකු වන බවයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින බුද්ධි අංශ නිලධාරියා වන මලින්ද උදලාගම නිදහස් කරන ලෙසත් මෙම ලිපිය බුද්ධි අංශයට භාරදීමට කටයුතු කරන ලෙසත්, ඔහු එම ලිපියෙන් ඉල්ලා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහුගේ නිවසේ මුළුතැන්ගෙයි වහලයේ බාල්කයක නයිලෝන් ලණුවක් ආධාරයෙන් මෙම විශ්‍රාමික හමුදා නිලධාරියා ගෙළ වැළලාගෙන ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහරෝහලේදී සිදුකර තිබෙනවා.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S