Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තම අනියම් සැමියාගේ නීත්‍යනුකූල බිරියට පහරදුන් බව කියන අනියම් බිරියක් හා ඇගේ සහෝදරියක දකුණු කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා නියෝග කළේය.

සිය සැමියාගේ අනියම් බිරිය හා ඇයගේ සහෝදරියක් තමන්ට පහරදුන් බවට කළුතර ගමගොඩ පදිංචි තිදරු මවක් කළ පැමිණිල්ලක් මත සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.

කළුතර ගමගොඩ පදිංචි ත්‍යාගරාජා ක්‍රිෂ්ණජලි හා ත්‍යාගරාජා ශිලාදින් නමැති කාන්තාවන් දෙදෙනා මෙසේ ශරීර ඇප මත මුදා හැරිණි.
තම විවාහක සැමියා අනියම් බිරියක් ඇසුරු කරන අතර ඒ පිළිබඳ සැමියාගෙන් විමසීම නිසා අදාළ කාන්තාවන් තමන්ට පහරදුන් බවද කාන්තාව ප්‍රකාශ කර ඇත. දකුණු කළුතර පොලිසියේ පොලිස් කොස්තාපල් ගුණේන්ද්‍ර (55301) සහ පොලිස් කාන්තා නිලධාරිනී සඳමාලී (7951) යන මහත්ම මහත්මීහු අධිකරණය හමුවේ කරුණු කීහ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S