Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පොළඟෙක් අල්ලාගෙන දෂ්ට කිරීමෙන් පසු පොළඟාගේ කොටසක් කෑ පුද්ගලයකු හා පොළඟා ද පෙරේදා (15දා) මරණයට පත් වී ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කෑගල්ල වතුර කෙහෙල්වත්ත ග්‍රාමයේ පදිංචිව සිටි දහනක රාල්ලාගේ නිමල් රංජිත් දසනායක නමැති 52 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

ප්‍රදේශයේ කුලී වැඩ කරමින් මවුපියන්ගේ ඉඩමක නිවෙසක් තනාගෙන තනිවම ජීවත් වෙමින් සිටි මියගිය පුද්ගලයා සර්පයන් අල්ලාගෙන ඇඳගෙන සිටින සරමේ ඔතා ගන්නා බවත් සුමනාරාම විහාරස්ථානය පිටුපස ඇති මාර්ගයේ සවස පොළඟකු අල්ලාගෙන සිටිනු අයුරු සිල් සමාදන් වී ආපසු නිවෙස් කරා යන උපාසිකාවන් පිරිසක් දැක ඇත.

ඊයේ (16දා) පෙරවරුවේ මේ පුද්ගලයා එම ස්ථානයේ මියගොස් ඇති අයුරු අසල්වාසීන් පිරිසක් දැක ඥාතීන්ට දන්වා ඇත. පසුව ඥාතීන් මේ ස්ථානයට ගොස් ඇති අතර පරීක්ෂා කිරීමේදී ඔවුන්ට දැක ගත හැකි වී ඇත්තේ සිය ඥාතියා මියගොස් ඇති අයුරු හා පොළඟාගේ කොටසක්ද කා දමා ඇති අයුරුය. ඥාතියා සහ පොළඟා මියයෑම සම්බන්ධයෙන් කෑගල්ල පොලිසියට මියගිය පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයකු ඊයේ (16දා) පැමිණිලි කර තිබිණි. කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂිකා රේණුකා එස්. කළුආරච්චි නිශ්ශංක මහත්මිය අදාළ ස්ථානයට ගොස් මූලික පරීක්ෂණ සිදුකර වැඩිදුර පරීක්ෂණ සඳහා මෘත දේහය කෑගල්ල මහ රෝහල වෙත රැගෙන එනු ලැබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියේ පොලිස් සැරයන් ජේ.එස්. ධර්මසේන (20425) වැඩිදුර පරීක්ෂණ මෙහෙයවීය.



අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S