Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

කොළඹ සිට පුදුකුඩිඉරිප්පු දක්වා ඒ-9 මාර්ගය ඔස්සේ ඉකුත් 24දා රාත්‍රියේ ධාවනය වූ බස් රථයකින් මරදන්කඩවල දක්වා පැමිණි වෘත්තීය ඡායාරූප ශිල්පියකු බස් රථය තුළදීම මියයෑම නිසා ඔහුගේ සිරුර එදින අලුයම මිහින්තලේ රෝහල වෙත භාරදී ඇතැයි මිහින්තලේ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මරදන්කඩවල කදිරාගම පදිංචි 30 හැවිරිදි කිංස්ලි ප්‍රභාත් කුමාර සේකර නමැති අයෙකි.

බස් රථය මරදන්කඩවල නගරය පසුකර ගල්කුලම ප්‍රදේශයට පැමිණෙන විට එක වරම අසුනකින් පුද්ගලයකු වැටෙනු මගීහු දැක ඇත.

ඒ අනුව ඔහු ඔසවා නැවැත ආසනයේ මත හිඳුවා ඇතත් එම පුද්ගලයා වචනයක් හෝ කතා නොකිරීම නිසා බස් රථ රියැදුරා සහ කොන්‍ෙදාස්තරවරයා මගීන්ගේ සහාය ලබාගෙන වහාම ඔහු ළඟම පිහිටි මිහින්තලේ රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව පොලිසිය පවසයි.

මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ මිහින්තලේ පොලිසිය විසින් සිදුකෙරේ.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S