Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අපි ඉක්මනින් විවාහ වෙමු..
වැඩේට ලක්ෂ 4 ක් විතර යයි..
මගේ වැඩේට තව ලක්ෂ තුනක් විතර මදි..


තරුණියක් අන්තර්ජාලයේ පලකර තිබූ විවාහ යෝජනා දැන්වීමකට කතා කළ පුද්ගලයෙකු තමන් ඉංජිනේරුවෙකු බව පවසා ඇය හා සබඳතාවක් ඇතිකරගෙන ලක්ෂ 4 ක පමණ මුදලක් වංචා කළ සිද්ධියක් මහරගම පැත්තෙන් වාර්තා වනවා.

ගුරුවරියක් ලෙස සේවය කරන මෙම තරුණිය පලකළ දැන්වීම දුටු සැකකාර පුද්ගලයා තමා ඉංජිනේරුවකු බවත් ඇයව විවාහ කරගැනීමට කැමති බවත් පවසා තිබුණා..
පසුව දෙදෙනාගේ සබඳතාව දුරකථන සංවාද ඔස්සේ වර්ධනය වී තිබෙන අතර මෙම ගුරුවරිය සැකකරුවා පිළිබඳ දැඩි විශ්වාසයකින් සිට තිබෙනවා.

ඉන් පසුව සැකකාර පුද්ගලයා ගුරුවරියට කතා කර "අපි හැකි ඉක්මනින් බඳිමු විවාහයට රුපියල් ලක්‍ෂ තිහක් විතර යයි" යනුවෙන් පවසා තිබෙනවා.

තමාට හදිසි අවශ්‍යතාවක් සඳහා රුපියල් පනස් දහසක් ලබාදෙන ලෙසද ඇයගෙන් ඉල්ලීමක් කරඇති අතර එම මුදල රැගෙන මහරගම පිළියන්දල පාරේ ස්ථානයකට ගොස් එම මුදල් අදාල පුද්ගලයාට ලබාදී ඇති බවයි වාර්තා වුණේ.

තවද මෙම තරුණිය විසින් සැකකාර පෙම්වතාව පළමු වරට දැක ඇත්තේද එදිනයි.

ඉන් පසුවද පෙර ලෙසම දින කිහිපයක් දුරකථනය ඔස්සේ දෙදෙනා කතා කර ඇති අතර සැකකාර පෙම්වතා විසින් "මගේ වැඩේට තව රුපියල් ලක්‍ෂ තුනක් මදි" යනුවෙන් පවසා තිබෙනවා.

එම මුදල තමාගේ ගිණුම් අංකයකට තැන්පත් කරන ලෙස ඔහු විසින් ඉල්ලා තිබෙනවා.

එදින පටන් අවස්ථා කිහිපයකදීම සැකකාර පුද්ගලයාව සම්බන්ධ කරගැනීමට දුරකථන ඇමතුම් ලබාදුන්නද ඔහුගේ දුරකථනය විසන්ධි කර තිබීම නිසා ඔහු ගැන සැක සිතී මේ පිළිබඳව මහරගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S