Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඇඟලුම් කම්හලකදී පෙම් සබඳතාවක්‌ ගොඩනඟාගෙන කලක්‌ ඇසුරු කළ තරුණයකු විවාහ පොරොන්දු කඩකළැයි කලකිරුණු තරුණියක නාවලපිටිය නගරය හරහා දිවගොස්‌ මල්ලන්ද පාලම මතින් ගඟට පැනීමට උත්සාහ කිරීමේදී නාවලපිටිය පොලිසියේ නිලධාරීන් දෙදෙනකු යතුරුපැදියකින් ඇය පසුපස හඹාගොස්‌ ගඟට පැනීමට සූදානම්වන මොහොතේ ඇය බේරාගෙන තිබේ.
නාවලපිටිය රොජසන්ගම ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය මහනුවර ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කර ඇත.

එහිදී අම්බලන්ගොඩ ප්‍රදේශයේ තරුණයකු ඇය සමග පෙම් සබඳතාවක්‌ ගොඩනඟා කලක්‌ ඇසුරු කොට ඇත. පසුව ඔහු ඇයට විවාහ පොරොන්දු දී නාවලපිටිය නගරයට විත් ඇය විවාහ කර ගන්නා බව පවසා තිබේ. ඒ අනුව දින යොදා ඇගේ ඥතීන් සමග නාවලපිටිය විවාහ රෙජිස්‌ට්‍රාර්වරයා ඉදිරියේ එම කටයුත්ත සිදුකර ගැනීම සඳහා නගරයට පැමිණ ඇත.

තම පෙම්වතා එනතුරු බොහෝ වේලාවක්‌ සිටියත් ඔහු නොපැමිණි බව අවබෝධ කරගත් ඇය ගඟට පැන දිවි නසා ගන්නා බව පවසා නගරය මැදින් ගඟ දෙසට දිවගොස්‌ තිබේ.

නාවලපිටිය පොලිසිය අසලින් ගඟ දෙසට යා යුතු අතර ඇය එම ස්‌ථානය පසුකර දිවයන විට ඇගේ මව ද විලාප තබමින් පසුපසින් දිව ගොස්‌ ඇත.

ඒ වන විට පොලිසිය ඉදිරිපිට සිටි පොලිස්‌ කොස්‌තාපල් (33848) විමල් ජයසිංහ මහතා එම මවගෙන් සිද්ධිය විමසා ඇති අතර, තරුණිය ඒ වන විටත් මල්ලන්ද පාලම දෙසට දිව යමින් නොපෙනී යන අයුරු දැක ඇති ඔහු සිද්ධියේ බරපතළ බව අවබෝධ කොට ගෙන අසල සිටි පොලිස්‌ කොස්‌තාපල් (39152) සිසිර කුමාර මහතා සමග වහා යතුරු පැදියකින් ගොස්‌ තරුණිය පාලම මතදී අල්ලාගෙන ගත්හ.

පසුව ඇය පොලිසියට රැගෙන ගොස්‌ ළමා හා කාන්තා අංශයට භාරදී ඇත. එහිදී ඇයගෙන් කරුණු විමසා ඇති අතර, පසුව එම තරුණයා පොලිසිය වෙත කැඳවා ඇය විවාහකර ගන්නා ලෙස පොරොන්දු කරවා ගැනීමෙන් පසු අවවාද කොට දෙමාපියන්ට තරුණිය භාරදී ඇත.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S