Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සුසාන භුමි ඇත්තේ මිනිසුන් මැරුණු පසු භූමදානය කිරීමටයි.

නමුත් සුසාන භූමියක කේරල ගංජා පාර්සලයක් සඟවා තිබියදී එය තවත් පුද්ගලයෙකු විසින් සොරා ගැනීමේ පුවතක් අනුරාධපුර පදේශයෙන් වාර්තාවනවා.
ඒ අනුව පරසන්ගස්වැව සුසාන භූමියේ සඟවා තිබූ කේරල ගංජා පාර්සලයක් සොරාගෙන අලෙවි කිරීමට සුදානම් කර තිබුණු පුද්ගලයෙකු අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්ධන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු විසින් එම කේරල ගංජා පාර්සලය සොරා ගෙන අලෙවි කිරමට සුදානම්ව ඇත්තේ තම පෙම්වතියට තෑගි බෝග අරන් දීම සඳහා මුදල් සපයා ගැනීමටයි.

මෙම අමුතු ක්‍රියාව සිදු කර ඇත්තේ අනුරාධපුර, පණ්ඩුකාභයපුර පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙකුයි.

මෙම තරුණයා තම පෙම්වතිය හමුවීමට පසුගිය දිනෙක බස් රථයකින් යන අවස්ථාවකදී යතුරුපැදියකින් පැමිණි වෙනත් පුද්ගලයන් දෙදෙනක් එම සුසාන භුමියේ මෙම ගංජා පාර්සලය සඟවන අයුරු දැක ඇති බව සඳහන්.

අනතුරුව ඔවුන් සඟවා ගියේ මොනවාදැයි මෙම තරුණයා විසින් පරික්ෂා කළ බවයි තරුණයා විසින් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

ඔහු විසින් අනතුරුව ගංජා පාර්සලය වෙනත් තැනක සඟවා ඇති අතර එය අලෙවි කිරීමට ගැනුම්කරුවන් සොයමින් සිටියදීයි පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ.

එලෙස අලෙවි කර ලැබෙන මුදල් වලින් තම පෙම්වතියට තෑග්ගක් දීමට සැලසුම් කර තිබී ඇති බවයි වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S