Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

වැලිකඩ කලපලුවාව ප්‍රදේශයේ නවාතැන්පලක සිටි තරුණියකට අතවර කිරීමට උත්සහ කළ තරුණයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තරුණිය කුලී පදනම මත ලබාගත් නිවසේ තනිව ජීවත්වී ඇති අතර ඊයේ සවස ඉදිරිපස දොර විවෘත කර තිබුණු අවස්ථාවක සැකකාර පුද්ගලයා නිවසට ඇතුල් වී තිබෙනවා.

පසුව අදාල තරුණිය නිදා ගැනීමට ගිය අවස්ථාවේදී සැකකරු තරුණියගේ කාමරයට ගොස් ඇයට මරණීය තර්ජන සිදුකර ගෙල මිරිකා දූෂණයට ලක්කර තිබෙනවා.

මෙම තරුණිය ගුවන් සේවිකාවක් වන අතර වයස අවුරුදු 31 ක් පමණ වන බවයි වැලිකඩ පොලිසිය පැවසුවේ.

තරුණියට බලහත්කාරකම් කිරීමෙන් පසුව ඇයගෙන් රන් ආභරණ සහ මුදල් ඉල්ලා ඇති අතර, ඒ අවස්ථාවේදී උපාය මාර්ගයෙන් බේරුණ ඇය වැසිකිලියට යාමට අවශ්‍ය බව පවසා පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ වැලිකඩ පොලිසිය එම ස්ථානයට ගොස් අදාල සාකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු කළුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා යුද හමුදා සේවයෙන් ඉවත්වී සිටින අයෙක් බවද පොලිසිය පැවසුවා.

අද මෙම සැකකාර පුද්ගලයා අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S