Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අගුණකොළපැලැස්ස - මුරවැසිහේන - බරවකුඹුක ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී එකම පවුලේ පියා සහ බාල පුත්‍රයා ඝාතනය කර මවට සහ වැඩිමහල් පුත්‍රයාට බරපතල තුවාල සිදුකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම පහරදීමෙන් තුවාල ලැබූ මව සහ වැඩිමහල් පුතා අගුණකොළපැලැස්ස රෝහලට ඇතුළත් කර ඇති බවයි.
මොවුන් නිවසේ සිටින අවස්ථාවේදී කිසියම් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර තිබෙනවා.

මෙලෙස ඝාතනය කර ඇති පියාගේ වයස අවුරුදු 60ක් වන අතර, බාල පුතු 26 හැවිරිදි වියේ පසුවනවා.

අවුරුදු 52 ක් වයසැති මව සහ 28 හැවිරිදි වැඩිමහල් සොහොයුරායි තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ.

පෞද්ගලික ආරවුලක් මෙම පහරදීමට හේතුවී ඇති අතර, දැනට ඔවුන් හඳුනාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S