Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පවුල් ආරවුලක් නිසා බිරිඳගේ ඥාතීන්ගෙන් කඩු පහරක් එල්ලවූ සැමියෙකු ගැන පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තාවනවා.

ඔහු විසින් කඩු ප්‍රහාරයට ලක්ව ඇත්තේ කළුතර ප්‍රදේශයේදී වන අතර ඔහු රෝහල්ගත නොවී යතුරුපැදියකින් සිය සොහොයුරෙකු සමඟ කෑගල්ලට ගොස් තිබෙනවා.
කඩු ප්‍රහාරය එල්ලවී ඇත්තේ ඔහුගේ හිසට වන අතර උඳුගොඩ ග්‍රාමීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔහු කෑගල්ල රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තාවන්නේ.

මෙලෙස කඩු ප්‍රහාරයට ලක්ව ඇත්තේ කළුතර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා කාලයක් තිස්සේ බිරිඳ සමඟ ගැටුම් ඇති කරගෙන ඇති අතර පසුගිය දිනෙක බිරිඳ විසින් සිය සහෝදරයන් තිදෙනෙකු සමඟ පැමිණ පහර දී කඩු ප්‍රහාරයක් එල්ල කර තිබූණා.

අනතුරුව පහර කෑමට ලක්වූ පුද්ගලයා සිය සහෝදරයා සමඟ යතුරුපැදියකින් කළුතර සිට පිටත්ව ඇති අතර පසු දින උදෑසනයි උඳුගොඩ රෝහලට ඇතුලත්ව ඇත්තේ.

කෙසේ වෙතත් කෑගල්ල පොලීසය මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ පවත්වයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S