Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල වලට අනුව සිංහල මාධ්‍යයෙන් දිවයිනේ පළමු තැනට පැමිණ ඇත්තේ මාතර ඌරුගමුව මෙතෝදිස්ත ප්‍රාථමික විද්‍යාලයේ සිතිජය සමරවික්‍රම සිසුවායි.

ඒ ලකුණු 196ක් ලබාගනිමින්.

මේ අතර දිවයිනේ දෙවන ස්ථානය කුලියාපිටිය - ඇස්වැද්දුම සුභාරතී විද්‍යාලයේ රුවන්යා මෙත්මිණි ගුණසේකර දැරිය හිමිකරගෙන තිබෙනවා.

ඇය ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 195ක්.

දෙමළ මාධ්‍යයෙන් දිවයිනේ පළමු ස්ථානය ලකුණු 195ක් ලබා ගනිමින් වව්නියාව - රන්බේකුලම් මහා විද්‍යාලයේ ගෝකුලදාසන් අභිෂිකන් විසින් හිමි කරගෙන තිබෙනවා.

අගෝස්තු 21 වනදා පැවති විභාගයට අයදුම්කරුවන් 3,50,740 ක් පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල් වල ප්‍රතිඵල ලේඛන අද පෙරවරු 9න් පසු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත පැමිණ ලබාගත හැකියි.

අනෙක් පාසල්වල ප්‍රතිඵල ලේඛන අද දිනයේ තැපැල් කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ.

කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳව නැවත පරීක්ෂාවක් අවශ්‍ය නම් නොවැම්බර් 4 වන දිනට පෙර ඉල්ලූම් කළ යුතු වනවා.

විදුහල්පතිවරුන් මගින් ඊට අදාළ අභියාචනා ඉදිරිපත් කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S