Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සැමියාගේ අනුදැනුම මත තරුණයන් සමඟ පෙම් කර තරුණයන්ගේ මුදල් හොරා ගන්නා හොර පෙම්වතියක් වූ විවාහක කතක් හා ඇගේ සැමියා අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි.

බුලත්සිංහල ප්‍රදේශයේ තරුණයකු රවටා ඔහු සතු රුපියල් 10,000ක මුදලක් පැහැර ගැනීම පිළිබඳව සිදු කළ පරීක්‍ෂණයකදී සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත.

ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි සැකකාරිය රූමත් තරුණ කාන්තාවකි. තරුණයන් වශීකර ගැනීම සඳහා ඇය අඟ පසඟ පෙනෙන ඇඳුම් ඇඳ රූපලාවණ්‍යාගාරවලින් මෝස්තර කර සැරිසරන්නීය. බස් නැවැතුම්පොළවලදී හා ජංගම දුරකතන හරහා ඇය තරුණයන් හා මිත්‍ර වන්නීය. තොදොල් පෙම්වතියක් සේ රඟපා හොඳට කා – බී ඇති මේ තරුණියට ඇඳුම් පැලඳුම් රැගෙනදීම සඳහාද තරුණයෝ මේ මායාකාරියට මුදල් වැයකර ඇත.

මෙසේ ඇගේ පෙම්වතෙක් බවට පත් වූ පැමිණිලිකාර තරුණයාට අෑගල්ඔය නගරයට එන්නැයි කාන්තාවගෙන් ප්‍රේමාරාධනාවක් ලැබී ඇත. තම පෙම්වතිය සමඟ හෝටලයක කාමරයක් ගෙන පෙම් සුව විඳින්නට රුපියල් 10,000ක මුදලක් සාක්කුවට දමා ගත් තරුණයා අෑගල් ඔය නගරය බලා ගියේය.

සිතැඟි සේම තම සිහින කුමරිය වෙනදාටත් වඩා රූමත්ව ත්‍රිරෝද රථයකින් පැමිණියාය. පැමිණිලිකරු දෙවරක් නොසිතා ත්‍රිරෝද රථයට ගොඩවිය. ටික දුරක් ප්‍රේම රංගනයේ යෙදෙමින් ගමන් කළ ත්‍රිරෝද රථය අතරමඟදී නතර කර පෙම්වතියත් රියැදුරු ලෙස පැමිණි ඇගේ සැමියාත් තරුණයා සතු සේසත පැහැරගෙන ත්‍රීවීලරයෙන් ඔහු ඇද දමා පලා ගොස් ඇත්තේ ඇසිල්ලකිනි.

පෙම් ලොව, ගිනිගත් පෙම්වතා නතර වූයේ බුලත්සිංහල පොලිසියේය. තරුණයා ලබාදුන් තොරතුරු අනුව සැකකාර කාන්තාව, පුරුෂයා සහ ත්‍රිරෝද රථයද අත්අඩංගුවට ගත්තේය. ලාභ ප්‍රේමයේ අලාභය විඳගත් කතා පුවත බුලත්සිංහල පොලිසියෙන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මතුගම – වසන්ත කුමාර




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S