Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ නිවසේදී තරුණයෙකු මියගොස් තිබුණා. විමල් වීරවංශගේ පුතු විභූදි වීරවංශගේ මිතුරෙකු බව කියැවෙන අවුරුදු 24ක් වන ළහිරු දිසානයක නැමැති මෙම තරුණයා පසුගිය දා(26) විමල්ගේ බිරිය විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බවයි වාර්තා වුණේ.

මියගිය ළහිරු හා විමල්ගේ පුතු විභූති කලක පටන් මිතුරන් වන බවත් බොහෝ දිනවලදී මෙම නිවසට පැමිණ නවාතැන් ගන්නා බවද වාර්තා වුණා..

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මියගිය තරුණයාගේ මිතුරෙකු ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබුණා.

ඉන් කියැවෙන්නෙ රාත්‍රියේ ඔවුන් විමල්ගේ නිවසේ චිත්‍රපටයක් නැරඹීම සඳහා උඩුමහලට ගිය බවත්. එහිදි මියගිය තරුණයාගේ ඇස් රතුවී තිබෙනු දුටු ශෂි වීරවංශ ඒ ගැන අසද්දි ඒ තමා වෙහෙසට පත්වී සිටින නිසා යැයි අදාළ තරුණයා පැවසූ බවයි. පසුව ඔවුන් රාත්‍රි යේ නින්දට ගොස් ඇති අතර උදෑසන ඔහුගේ මුහුණ නිල් පැහැ වී තිබීම නිසා ඔහුට කතා කරද්දි ඔහු කතා නොකළ බවත් මේ සිද්ධියේ සැබෑව එය බවත් මියගිය තරුණයාගේ මිතුරා ෆේස්බුක් සටහනේ කියා තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට තරුණයාගේ මරණය සැක සහිත බැවින් සිරුර කපා මරණයට හේතුව සොයා ගැනීමට කටයුතු කරමින් සිටින අතර හෙට සිරුර ගැන වෛද්‍ය පරීක්ෂණ සිදු කෙරෙනු ඇත.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S