Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පෙම්වතුන් සහ පෙම්වතියන් තෑගී හුවමාරු කර ගැනීමට වැඩි කැමැත්තක් දක්වනවා.

එලෙස තම පෙම්වතියගේ උපන් දිනයට තෑග්ගක් ලබා දීමට කෑගල්ල ප්‍රදේශයේ පාසල් පෙම්වතෙකු විසින් අමුතු වැඩක් කර තිබෙනවා.

ඒ සිය මිත්තණියගේ මාසික වැඩිහිටි දීමනාව සොරකම් කරමින් පෙම්වතියගේ උපන් දිනයට කුඩයක් තෑගි ලෙස ලබාදීමයි.

මෙලෙස සිය මිත්තණියගේ වැඩිහිටි මුදල සොරකම් කර තිබෙන්නේ 17 හැවිරිදි පාසල් සිසුවෙක් වන අතර ඔහුට තවත් බාල සහෝදරියන් දෙදෙනෙක් සිටින බව සඳහන්.

මේ සිසුවා එම පාසලේම ඉගෙනුම ලබන සිසුවියක් සමඟ මාස තුනක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

පසුගිය දිනෙක අදාළ සිසුවා විසින් ඔහුගේ මව්පියන්ගෙන් රුපියල් 1000ක මුදලක් ඉල්ලා තිබෙනවා.

එවැනි මුදලක් කුමක් සඳහාදැයි ප්‍රශ්න කළ විට ඔහු විසින් ඒ සඳහා හේතුවක් සඳහන් කර නැහැ.

මේ හේතුවෙන් දෙමව්පියන් විසින් එම මුදල ඔහුට ලබා දී නැති බව සඳහන්.

මේ නිසා එම මුදල් සොයා ගැනීමට උපක්‍රමයක් කල්පනා කළ සිසුවා එදින රාත්‍රියේ සිය මිත්තණිය විසින් සඟවා තැබූ වැඩිහිටි දීමනාව සොරකම්කර තිබෙනවා.

එම මුදල් වලින් කුඩයක් ගත් සිසුවා පෙම්වතියෙග් උපන් දිනයට කුඩයක් තෑගීකර තිබෙනවා.

පසුදින මිත්තණිය තම වැඩිහිටි දීමනාව අතුරුදන්වීම නිසා ඇය විසින් සිසුවාගේ මවගෙන් ඒ පිළිබඳව විමසා ඇති අතර කරුණු අවබෝධකරගත් මව සිසුවා නිවසට පැමිණෙන තෙක් සිට ඔහුගෙන් මේ ගැන විමසා ඇති බව සඳහන්.

තමන් විසින් එම මුදල් ගත් බවත් ඉතිරි මුදල් තමන් ළඟ ඇති බවයි මව්පියන්ට ප්‍රකාශ කර තිබුණේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S