Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

"මම බඳින්න ඉන්න අයියා ආවා.අපි දෙන්න පොළට ගියා බඩු ගන්න."
"විස්තර කරන්න මට බයයි.මතක් කරනකොටත් මට බයයි."

මිනිසාගේ කරුමය කියන්නේ ගවයා පසුපස එන රිය සක මෙන් පස්සෙන් එන දෙයක්.

ඒ වගේම මිනිස් ආත්මයක් ලැබීමත් හරිම දුර්ලභ වාසනාවන්ත සිදුවීමක්.

තමන් විසින් කරන ලද කර්ම ඵලයන්වල විපාක තමන් වීසින්ම සංසාරය කෙලවර වන්නට පෙර ගෙවිය යුතු අතර එය යහපත් අයපපත් යන සියල්ලම එක ලෙස විඳිය යුතුය.

පෙර ආත්මයේදී ගං දියේ ගසා ගෙන ගිය ප්‍රේමයක් ගැන ආත්මගත මතකයක් අවධි කළ තරුණියක් පිළිබඳ පර්යේෂණ නිලධාරී නීල් ජයතු සිරිවීර විසින් හිරු ගොසිප් සඳහා අනාවරණ කරනු ලැබුවා.

ඒ අනුව මේ කියන්නට යන්නේ පෙර ආත්මයේදී පෙම්වතා සමඟ අවසන් ගමන් ගිය තරුණියක් පෙර ආත්මය ගැන මේ ආත්මයේදී මතකය අවධි කිරීමක් පිළිබඳ අත්මගත කථාවකි.

කුමාරි (මනඃකල්පිත නමක්) උපත ලබන්නේ මධ්‍යම කඳුකරයේ ලස්සනම ලස්සන කුඩා ගම්මානයකයි.ඇය කුඩා කාලයේදී බහ තෝරන වයසේදීම වෙනත් ප්‍රදේශයක තොරතුරු සඳහන් කිරීම ඇයගේ මවට විශාල ගැටලුවක්වුණා.

ඒ අතර ඇය විසින් කිසියම් ලොකු ගංඟාවක් සහ එහි ජලයේ සැඩ පහරේ වේගය පිළිබඳවත් ඇය නිරන්තරයෙන් සිය මවගෙන් ප්‍රශ්න කර තිබෙනවා.මේ ආකාරයට ඇයට දස අවුරුද්දක් ගෙවී ගියේය.

මේ කුඩා දැරිය පාසලට ගොස් නැවත එන අතරතුර නිරතුරුම පවසා ඇත්තේ වෙනත් මාවතකින් පාසල් යාමට අවශ්‍ය බවයි.ඒ ගැන වැඩිදුර විමසු විට දැරිය කිසිත් නොකියා නිහඬ වෙයි.මෙය දිනපතා සිදුවන නිසා අයගේ දෙමව්පියන් මේ ගැන විමසිලිමත් වුණා.

එමෙන්ම මේ දැරියගේ නිවස අසල කුඩා ඇලක් ඇති අතර පාසල් යා යුත්තේ එම ඇලෙන් එගොඩ වීමෙන්.එම ඇලෙන් එගොඩ වී පාසල් යාමට නොහැකි බවයි ඇය දෙමව්පියන්ට පවසා ඇත්තේ.දැරියට මානසික ප්‍රශ්නයක් පවතිනවාද යන්න දෙමව්පියන්ට මතුවූ ප්‍රධාන ප්‍රශ්නයකි.

මේ සඳහා ප්‍රතිකාර කරීම සඳහා වයස ප්‍රමාණවත් නොවූ නිසා දැරියගේ කීමට අනුව දැරියට පාසල් යාමට වෙනත් මාර්ගයක් පෙන්වා දීමට දෙමව්පියන් කටයුතුකර තිබුණා.කුමාරි වැඩිවියට පත්වූ පසු මේ දේවල් අමතකවෙයි යන්න ප්‍රදේශවාසීන්ගේ මතය වුවත් එය එලෙස සිදු නොවිය.

මේ අතරතුරදියි දැරියගේ පවුලේ අයට මංගල උත්සවයකට ආරාධනාවක් ලැබෙන්නේ.ඒ මගුල් ගෙදර යාම සඳහා විශාල ගංගාවක් මැදින් යන පාලමකින් එතෙරවී යා යුතුයි.මේ ගැන දැනගත් කුමාරි එය එක හෙලාම ප්‍රතික්ෂේප කර තිබුනා.නමුත් දෙමව්පියන් බල කළ නමුත් එය වැඩක් නොවීය.

ඇය එක වරම ප්‍රකාශ කළේ ලොමු ඩැහැගන්වන ප්‍රකාශයකි.

" මට බයයි.මම ගඟට වැටුනේ මේ ගඟෙන් එගොඩ වෙන්න ගිහින්.එහිදී මව ප්‍රශ්න කර තිබුණේ දුවට පිස්සුද මේ ඒ ගඟ නොවෙයි යනුවෙනි. නැහැ අම්ම මේ ඒ ගඟ තමයි."

ඒ අනුව සිය දියණියගේ කැමත්ත මත වෙනත් මාර්ගයකින් මගුල් ගෙදර යාමට දෙමව්පියන්ට එකඟ වීමට සිදුවිය.මේ ගැන විමසීමට කුමාරිගේ දෙමව්පියන් සුදානම් විය.

මේ අනුව කළ පරීක්ෂණයකදී ඇයගේ පෙර භවය ගැන තොරතරු රැසක් අනාවරණ විය.ඒ අනුව මේ ගැන පර්යේෂණ සිදු කරන නිලධාරින් පිරිසක් දැරියගෙන් ප්‍රශ්න කර තිබුණා.

දුව කියන ගඟ තියෙන්නේ කොහෙද ? ඇයි අපි මගුල් ගෙදර ගියේ ඒ ගඟ උඩින්නේ දුවට හොඳටම විශ්වාසද ගඟට වැටුනා කියලා ?

මට විශ්වාසයි මම ගඟට වැටුණා කියලා.කොහොමද ගඟට වැටුණේ.ගංගාවේ සැඩ පහර වැඩි දවසක අපි ගියා ගඟෙන් එගොඩ වෙන්න.විශ්වාසයිද ගඟට වැටුණා කියලා.ඇය මද කල්පනාවක නියැලෙයි.මට මතකයි.තව විස්තර කරන්න.අපි දෙන්නම පාරුවේ ගියා.දෙන්නම කිව්වේ අයියා.

අයියාත් ගඟකට වැටුනද?දෙන්නම වැටුණා.

කුමාරි කියන්නේ ගිය ආත්මයේ කථාව විය හැකිය.ඒ අනුව මෙහි සුලමුල අසා ගැනීම සඳහා පර්යේෂක පිරිසට අවශ්‍ය විය.

ඒ අනුව කුමාරි විසින් සිය මතකය අවධි කරමින් විශාල විස්තරයක් සිදුකර තිබුණා.පොඩි පාරුවක් තිබුණා.පාරුව පදින්නේ සීයා කෙනෙක්.පාරුවෙන් තමයි හැමදාමත් එගොඩ මෙගොඩ වෙන්නේ.

ඉස්කෝලේ යන්නේ එන්නේ පාරුවෙන්.පාරුව නැති නම් යන්න බරිද ?සැතපුමක් විතර පයින් යන්න වෙනවා.කොපමන් කාලයක් පාරුවෙන් ගියාද?

පුංචි කාලේ ඉඳලා.

ඒ දවස ගැන විස්තරයක් කරන්න.

මම බඳින්න ඉන්න අයියා ආවා.අපි දෙන්න පොළට ගියා බඩු ගන්න.විස්තර කරන්න මට බයයි.මතක් කරනකොටත් මට බයයි.

ඇය දෑස් වසාගෙන සිටියි.ඒ අනුව ඇය කිව්ව් ප්‍රදේශය ගැන පර්යේෂකයන් තොරතුරු සොයා ගියා.

එහිදී ඔවුන්ට හමුව ඇත්තේ විශාල තොටුපොළක් සහ මිනිසුන් එගොඩ මෙගොඩ කරන පාරුවකි.එහි වයසක පුද්ගලයෙකුගෙන් කරුණු විමසුවද පැහැදිලි කරුණක් අනාවරණ නොවිය.

ඔහුගේ ලොකු තාත්ත මීට අවුරුදු 04 පෙර පාරුවක් පැද්ද බව ඔහු සඳහන් කර තිබුණා.එම කාලයේ පාරුව කිහිප විටෙකදී සැඩ පහරට හසුවී පාරුව පෙරලීයාම හේතුවෙන් මරණ කිහිපයක් සිදු වූ බව ඔහු පවසා තිබුණා.

මනාලියක් වීමට සිටි තරුණියක් එලෙස මරණයට පත්වුවද යන්න ඔහුගෙන් දැනගත හැකි වුණා. ඒ ගැන හෝඩුවාවක් සොයාගත හැකි කිහිපදෙනෙක් ගමේ සිටින බව ඔහු විසින් ප්‍රකාශ කළා.

ඒ අනුව මනාලියක් වීමට සිටි තරුණියක් සැඩ පහරට හසුව මරණයට පත්ව ඇති බවත් එලෙස ඔහුගේ සීයා කියූ බව එම ප්‍රදේශයේ තරුණයෙක් පැවසුවා.ඒ පිරිස අතර ගම්මානයේ තරුණියක් සිටි බවයි පර්යේෂකයන්ට එම තරුණයාගෙන් හෙළිව ඇත්තේ.

එම ගම පිහිටියේ සැතපුමක් පමණ දුරකිනි.උත්සාහය සාර්ථකවිය.ඒ ගැන දන්නා කාන්තාවක් හමුවුණු අතර ඇය විසින් සියල්ල හෙළි කළේ මෙලෙසයි.

අයගේ වයස අවුරුදු 50ක් පමණ විය.ඇය එම පාරුවේ ගොස් සැඩ පහරින් දිවි බේරා ගත් කාන්තාවකි.ඇය සිය මතකය අවධි කළේ මෙලෙසින්.

"මට යාන්තම් මතකයි.ඔය සිදුවීම.එදා අගුල පැදලා තිබෙන්නේ වයසක පුද්ගලයෙක්.සැඩ පහර දැක්කම ඒ මනුස්සයා බයවෙලා. එදා ගඟේ සැඩ පහර සැර දවසක්.ඔය ළමයා බඳින්න ඉන්න ළමයත් එක්ක ඇවිල්ලා තියෙනවා.අගුල පෙරලුනාම දෙන්නම ගිලිලා තියෙනවා.එදා මුළු ගමම දුක් වුණා. මතක් වෙනකොටත් ඇඟ සීතල වෙනවා.අගුල පැද්දේ පීටර් සින්ඥෝ.ඒ මනුස්සය හැම වෙලාවේම බිලා ඉන්නේ.ගඟේ සැඩ පහර වැඩිකමට අගුල හරවන්න බැරිවුණා. වක්කලමේදී අගුල පෙරලුනා.මම යන්තම් පීනන්න දන්නා නිසා ගොඩට ආව.තුන්දෙනෙක් බේරුණා.හතර දෙනෙක් ගිලිලා මැරුණා.ඥාති දුවයි පුතයි ඒ අතර සිටියා. දවස් දෙකකට පස්සේ නාන තොටේ තිබිල මිනී දෙක හමුවුණා.ගන්න තිබුණු මගුල් ගෙදර අවමගුල් ගෙදරක් වුණා.

එම තොටුපොළ දැන් ප්‍රතිසංස්කරණකර ඇති අතර දැන් වෙනස් වී ඇත.දැරිය කල්පනාලෝකයේ මිදිලාය.එයාගේ හඬ අවධි කරන්නට මෙන් පරීක්ෂකයා හඬ අවධි කළේය.

ඔබට මොනවද මතක් වෙන්නේ ලෙස ප්‍රශ්න කළ විට ඇය සෙමින් හිස සැලුවා මිස කිසිවක් නොකිවාය.එහෙත් දෑස් පුරා කඳුළු පිරීගොස් තිබුණි.ඒ කඳුළුවල මොන තරම් වේදනාවක් ඇතිද යන්න දන්නේ ඇයම පමණි.

කෙසේ වෙතත් කුමාරිගේ පෙර ආත්මයේ කතාව සත්‍ය වුවද මරණයට පත් වසර සහ මේ ආත්මයේ උපන් වසර අනුව මෙය සැක සහිත වුවත් ඇයගේ මනෝකාය අන්තරා භවයක සැරිසරා ඇති බවයි පර්යේෂකයන් සඳහන් කර තිබුණේ.

අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S