Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඩුබායි සිට ශ්‍රි ලංකාව බලා පියාසර කරමින් තිබු ගුවන් යානයක සිටි බ්‍රිතාන්‍ය ජාතිකයකු එම ගුවන් යානයේදීම (19) මියගොස් තිබු බව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය සඳහන් කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ සංචාරක වීසා මත ලංකාවට පැමිණීමට සිට බ්‍රිතාන්‍ය ජාතික ජොන් ස්ටුවඩ් ප්‍රින්ගල් (72) නැමැත්තෙකුය.

එමිරේට් ගුවන්සේවයට අයත් ඊ.කේ.650 දරණ ගුවන්යානය උදැසන 8.30 ට කටුනායකට ගොඩ බැසිමට සුදානම්ව පියාසර කරමින් සිටි අවස්ථාවේදි බ්‍රිතාන්‍ය ජාතික ගුවන් මගියා අදාල අසුනේ දීර්ඝ වෙලාවක් නොසිටි හෙයින් කලබයට පත්වු ගුවන් සේවිකාවන් තිදෙනෙක් ඔහු පිලිබද සොයා බලනවිට ගුවන් යානයේ වැසිකිලිය තුල සිටි බව එක් ගුවන් සේවිකාවන් දැක ඇත. ඒ වන විට ගුවන් යානය කටුනායකට ගොඩ බැස සියලු මගීන්ද ඉවත්ව ගොස් ඇත.

සැකයක් ඇතිවු බැවින් කාර්ය මණ්ඩලය විසින් මේ පිලිබදව නියමු කපිතාන් වරයාට දැන්ම් දීමෙන් පසුව ගුවන් යානයේ කාර්ය නියුතු වෛද්‍ය කණ්ඩායමක් විසින් වැසිකිලියේ දොර මහත් වෙහෙසක් දරා විවර කොට බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන් පිටතට ගෙන ප්‍රථමාධාර ලබාදීමට කටයුතු කර තිබුනද ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බව කටුනායක ගුවන්තොටුපලේ කාර්ය භාර වෛද්‍ය වරිය විසින් වාර්තා කොට තිබෙනවා.

මගියෙකු ලෙස ගොඩ බැස නොතිබුනු කරුනු මත මිය ගිය බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සිරුර රේගු කටයුතු හරහා මුදාහැරීමෙන් පසු මරණ පරික්ෂනය සදහා මීගමුව මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කොට ඇති බවත් මේ සම්බන්ධව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කොට ඇතැයි ද පොලීසිය පවසයි.

මීගමුව කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියලාල් දශනායක මහතාගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපල පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක බි.එම්. සි.රත්නකුමාර මහතාගේ මෙහෙයවීම මත පො.ප.අනූෂ රූපසංහ ,උ.පො.ප. ජේ.සිල්වා ,පො.කො.55406,70150,38226 යන නිළධාරිහූ මේ සම්බන්ධව පරික්ෂන සිදුකරති.

අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S