Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ආදරේ ගැන කොයිතරම් කතා කළත් ඒ ආදරේ සුන්දර වුණත් කෙනෙක්ට තමන්ගේ ආදරේ නැතිවුණාම ඒක දරාගන්න අමාරුයි.

ඒ නිසා සමහරු ගන්න තීරණ වගේම සමහරු කරන වැඩ නිසා අහන්න දකින්න ලැබෙන සිදුවීම් හරිම අමුතුයි.
ඒ වගේ සිද්ධියක් මිහින්තලය පැත්තෙන් අහන්න ලැබුණා.

තමන්ගේ ආදරේට පිටුපෑ පෙම්වතියගේ නිවසට ගිහින් මවට පිහියක් පෙන්වා බියගන්වා නිදාගෙන සිටි තරුණිය නිදි ඇඳුමින්ම පෙම්වතා විසින් පැහැරගෙන ගොස් තිබුණා.

ඔහුගේ මිතුරෙක් එක්ක එකතුවෙලා මිහින්තලය දිවියාබැන්දවැව කැලෑබද ප්‍රදේශයක තමයි ඇයව සඟවගෙන ඉඳලා තියෙන්නේ.

මේ තරුණියගේ මව විසින් පොලිසියට කරපු පැමිණිල්ලකින් පස්සේ පැහැරගෙන ගිය පෙම්වතා සහ ඔහුගේ මිතුරා පොලිස් අත්අඩංගුවට අරගෙන.

පැහැරගත් තරුණිය 17 හැවිරිදි වියේ පසුවන තරුණියක්.

මේ සිද්ධියට පොලිසිය අත්අඩංගුවට ගත්තු මෙම පෙම්වතාගේ හා තරුණියගේ ප්‍රේමයට අවුරුදු පහක් බවයි සඳහන් වන්නේ.

තරුණියගේ නිවසින් මේ ප්‍රේම සම්බන්ධයට අකමැතිවුණු නිසා ඇය විසින් සමබන්ධය නවත්වමු කියලා පෙම්වතාට කියලා.

ඒකට කමැති නොවුණු පෙම්වතා විවාහ වෙමු කියලා අවස්ථා කිහිපයකදීම තරුණියට යෝජනා කරලා.

ඒත් මේ එකදේකටවත් පෙම්වතිය කැමති නොවුණු නිසා එයින් කෝපයට පත් පෙම්වතා පසුගිය 10 වැනිදා පාන්දර 1.30 ට විතර ඇවිත් තරුණියගේ නිවසේ දොර කඩා ඇතුල්වී පෙම්වතාගේ මවගේ බෙල්ලට පිහිය තබා මරා දමන බවට බියගන්වා ඇයව පැහැරගෙන ගොස් තිබෙනවා.

පසුව පැහැරගෙන ගිය තරුණිය කැලෑබද ප්‍රදේශයේ රඳවාගෙන ඇයටද තර්ජනය කළ අවස්ථාවේදී පිහිය වැදීමෙන් ඇගේ ගෙලටද තුවාල සිදුව ඇති බවයි වාර්තා වුණේ.

තරුණියට කිසිදු ලිංගික අතවරයක් සිදුකර නැති බවද පොලිසිය පවසනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S