Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ආදරය විශ්වාසය මත පදනම්වයි ගොඩ නැගෙන්නේ. සැකය කියන දේ ආදරයට මුසු වුවහොත් ඒ තුළ අනිවාර්යෙන් විරහවක් විඳ ගැනීමට සිදුවෙනවා නොඅනුමානයි.

මේ නිසා තම පෙම්වතා හෝ පෙම්වතිය ගැන ගැහැණු ළමයි සහ පිරිමි ළමයි වෙන වේනම විවිධ ආකාරයේ සොයා බැලීම් සිදු කරයි.

මේ ආකාරයට තම පෙම්වතිය තමන්ට ඇත්තටම ආදරය කරනවාද ,නැත්නම් ඇයට වෙනත් පිරිමි ළමයෙකු සිටිනවාද යන්න සොයා බැලීම සඳහා වෙස්වලාගත් පිරිමි ළමයෙකු පිළිබඳව පුවතක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තාවී තිබෙනවා.

ඒ ඇස් දෙක පමණක් පෙනෙන සේ මුස්ලිම් කාන්තාවන් අඳින ඇඳුමක් පැළඳගෙන තරුණයෙකු ගම්පහ දුම්රිය ස්ථානයේ සිටියදී පුද්ගලයන් පිරිසක් විසින් අල්ලාගෙන ගම්පහ පොලිසියට භාරදී තිබීමයි.

ගම්පහ දුම්රිය ස්ථානයේ බංකුවක හිඳගෙන සිට ඇති මේ තරුණයාගේ ඇස්බැමි විශාල නිසා ඒ ගැන සැක සිතුණු පුද්ගලයෙකු දුම්රිය ස්ථාන නිලධාරීන් දැනුම්වත් කර තිබෙනවා. ඉන් අනතුරුවයි එම ස්ථානයේ රැඳී සිටි පිරිසක් එක්ව ඔහු පොලිසියට භාර දී ඇත්තේ.

එම තරුණයා කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර තාවකාලිකව පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර තම පෙම්වතියට වෙනත් පෙම්වතෙක් සිටිනවාද යන්න සොයා බැලීම සඳහා මෙලෙස වෙස්වලාගත් බවයි එම තරුණයා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

පොලිස් විසින් අවවාද කිරීමෙන් අනතුරුව ඔහුගේ ගවුමද ලබා දී එම තරුණයා නැවත පිටත් කළ බව සඳහන්.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S