Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඔවුන් මරාදමන්න මම කැමතියි' 

ඇඩොල්ෆ් හිට්ලර් යුදෙව්වන් මරා දැම්මා සේ තමාද හැකිතරම් ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මරාදැමීමට කැමැත්තෙන් සිටින බවයි පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ පවසන්නේ.

ඔහු මේ බව පැවසුවේ නගරාධිපතිවරයාව සිටිය දී මත්ද්‍රවය විරෝධී වැඩසටහනක් ආරම්භකර කුලී ඝාතකයන් යොදාගත් බවට ඔහුට චෝදනා එල්ලවූ දවාවෝ නගරයේදීය.

පසුගිය ජූනි මාසයේ පිලිපීන ජනාධිපති පදවියට පත් දුටර්ටේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සහ ජාවාරම්කරුවන් දරුණු ලෙස මර්ධනය කරමින් සිටිනවා.

එරට වාර්තා වලට අනුව මේ දක්වා තුන්දහසකට වැඩි පිරිසක් පොලීසිය සහ නීත්‍යානුකුල නොවන ඝාතන කණ්ඩායම් විසින් ඝාතනය කර තිබෙනවා.

එසේ මරාදමනු ලැබූවන්ගේ සිරුරු ඔවුන් විසින් කරනු ලැබූ වැරදි ක්‍රියාවන්ගේ ලැයිස්තුවක් ද සමග ජනතාවට දැකගතහැකි වනසේ ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශනය කිරීම විශේෂතවයකි.

තවද පිලිපීනයේ අපරාධ අඩුකිරීම පිණිස අපරාධකරුවන් ලක්ෂයක් මරාදමන බව ජනාධිපති දුටර්ටේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බව සඳහන්.

තමා ජනසංහාරයක යෙදෙන බවට චෝදනා කරන්නන්ව විවේචනය කිරීම හේතුවෙන් තමාව 'හිට්ලර් ගේ ඥාති සහෝදරයෙකු' ලෙස හුවා දක්වන බවයි ඔහු මාධ්‍යවේදීන්ටසඳහන් කර ඇත්තේ.

එහිදී ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සියලුම මත්ද්‍රවය ජාවාරම් කරුවන් සහ මතට ඇබ්බැහි වූවන් මරා දමා අනාගත පරපුරට පිලිපීනය ඉතිරිකර දීම තම අභිප්‍රාය බවයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S