Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

"ටින්වල තිබුණු පැණි බීම වර්ගයක් බිව්වා කියන ලෙස විදුහල්පතිවරියගෙන් උපදෙසකුත් ලැබිලා"

දකුණු පළාතේ ප්‍රසිද්ධ බාලිකා පාසලක සිසුවියන් පිරිසක් විසින් ලෝක ළමා දිනය අමුතු ආකාරයට සමරා තිබෙනවා.

ඒ සිසුවියන් 10 දෙනෙක් විසින් පන්ති කාමරයකට බියර් රැගෙනවිත් පානය කරමින් ලෝක ළමා දිනය සැමරීමයි.

දැරියන් 10 දෙනා විසින් බියර් ටින් 13 ගෙනවිත් ඇති අතර ඒවා පානය කිරීමෙන් මත්වී පන්ති කාමරයේ විවිධ අකාරයේ නොමනා නාඩගමක් නටා ඇති බව සඳහන්.

පසුගිය දිනෙක අම්බලන්ගොඩ ප්‍රදේශයේ අවන්හලකින් බියර් ගෙන්වාගෙන තිබෙන්නේ උදය කාලයේ වන අතර වෙනත් පන්ති කාමරයක දී බියර් පානය කර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස බියර් පානය කරමින් සිටි දැරියකගේ අතින් බියර් ටින් එකක් බිම වැටී ඇත්තේ මත් ගතිය වැඩිවීමෙනි.

මේ හේතුවෙන් අදාළ පන්ති කාමරය තුළින් එන බියර් ගන්ධය නිසා එම පන්ති කාමරයට පැමිණි ගුරුවරියක් විසින් මේ පිළිබඳව සිසුවියන්ගෙන් විමසා ඇත.

එම අවස්ථාවේදී බියර් පානය කළ සිසුවියන් තමන් බියර් පානය කළ බවට හෙළිකර තිබෙනවා.

එම සිද්ධිය අදාළ පාසලේ විදුහල්පතිණිය විසින් වසන් කිරීමට උත්සාහ කර ඇති අතර අනෙක් ගුරුවරු පාසලේ විනය කමිටුවට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම කමිටුව විසින් දකුණු පළාත් භාර අධ්‍යාපන නිලධාරීන් දැනුම්වත් කර ඇති බව සඳහන්.

අදාළ සිසුවියන් විසින් හිස් කරන ලද බියර් ටින් කිහිපයක් පාසලට යාබද ඉඩමේ වැටක කෝටු මත රඳවා තිබී සොයාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයන් සිසුවියන් කරන ලද ප්‍රකාශයන් ගුරුවරියක් විසින් ජංගම දුරකථනයේ පටිගත කිරීමෙන් අනතුරුවයි විදුහල්පතිවරිය දැනුම්වත් කර ඇත්තේ.

එහිදී අදාළ සිසුවියන් කැඳවු විදුහල්පතිවරිය ඔවුන්ට පවසා තිබුණේ මේ ගැන මාධ්‍ය මගින් වාර්තා කළොත් එය පාසලට නින්දාවක් වන බවත්, මේ නිසා තමන් බියර් නොබිව්ව බවත්, ටින්වල තිබුණු පැණි බීම වර්ගයක් බිව්වා කියන ලෙසත් ඒ ගැන කිසිවකුටත් නොපවසන ලෙසයි උපදෙස් දී තිබෙන්නේ.

අනතුරුව සිසුවියන්ගේ ප්‍රකාශයන් ජංගම දුරකථනයේ සටහන් කිරීම ගැන විදුහල්පතිවරියගෙන් එම ගුරුවරියට බැන වැදී ඇති බවද වාර්තාවුණා.

කෙසේ වෙතත් දකුණු පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් අදාළ සිසුවියන්ට සතියක පන්ති තහනමක් පනවා ඇති බව සඳහන්.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S