Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

"බිරිඳක් විදියට සිරුරේ හැඩේ පවත්වාගන්න වගබලා ගන්නවා"
"මම ගැබ්ගත්තට පස්සෙත් කෑම පාලනයක් කළේ නෑ."

දේශපාලන චරිතයක් මෙන්ම නිළියක් වුණු උපේක්ෂා ස්වර්ණමාලී ලබන නොවැම්බරයේ මැද දරුඵල අපේක්ෂාවෙන් ඉන්නේ.

සිය කුළුඳුල් දරුවා ලැබීමෙන් පස්සේ දේශපාලන ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වන බවයි ඇය අපට කියා සිටියේ.
මේ අප ඇයත් සමඟ කළ සාකච්ඡාවයි මේ.................

උපේක්ෂා මේ දවස්වල අලුත්ම විස්තර මොනවද ?

විශේෂ විස්තරයක් නැහැ. බබා හම්බවෙන්න ඉන්නවා. එන මාසේ මැද වගේ තමයි දින තියෙන්නේ. ඉතින් නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා කම්මැලිකමින් ඉන්නවා.

ලැබෙන්න ඉන්නේ දුවෙක්ද, පුතෙක්ද කියලා දන්නවද?


දුවෙක්.

දුවෙක් ලැබෙන්න ඉන්න එක ගැන මොකද හිතෙන්නේ ?


ඇත්තටම සතුටුයි. මට දුවෙක්ද, පුතෙක්ද කියන එකට වඩා නිරෝගි දරුවෙක් ලැබෙන එක තමයි එකම ප්‍රාර්ථනාව. දරු සම්පත ගැන තමයි හැඟීම තියෙන්නේ. තාක්ෂණයේ දියුණුවත් එක්ක අපි ගොඩක් හොයලා බැලුවා දරුවා නිරෝගීද කියලා.

බෙහෙත් අතින් හෝ පෝෂණය අතින් හෝ අපෙන් යමක් විය යුතුද කියලා. මෙතෙක් එහෙම කිසිම ගැටළුවක් නැහැ.

ඉපදෙනකල් හිතේ පොඩි බයක්, සැකක් තියෙනවා. ගැහැණූ ළමයෙක් වුණොත් ලස්සනට අන්දන්න පුළුවන්.

උපේක්ෂා දරුවා ලැබුණට පස්සේ දිගටම රංගනයේ යෙදෙනවාද ?


රංගනයේ යෙදෙනවා. රංගනයෙන් ඈත්වෙන්න මට කවදාවත් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. දේශපාලනය කරනකොටත් මම ඒක කියපු කතාවක්.

එතකොට උපේක්ෂා දේශපාලනයේ යෙදෙනවාද ?


නෑ. දේශපාලන ජිවිතයෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා ඉන්නේ.

දරුවා ලැබෙන්න කළින් ලස්සනට සිරුරේ හැඩය පවත්වා ගත්තනේ. ඉදිරියටත් එහෙමද ?


අනිවාර්යෙන්. මේ වගේ ක්ෂේත්‍රයක හිටියෙ නැතත් පවුල් ජීවිතය සාර්ථක කරගන්න අපි එහෙම හිතන්න අවශ්‍යයි. ලංකාවේ දකින්න ලැබෙන ඛේදවාචකය තමයි කාන්තාවන් බැන්දට පස්සේ තමන් ගැන හිතන එක අතාරින එක.

සමහරු හිතනවා බබා ලැබුණට පස්සේ ඇඟ හරියට තියා ගන්න බෑ. ඉබේම මහත්වෙනවා කියලා. ඒක සම්පූර්ණයෙන්ම බොරු කතාවක්.

මම ගැබ් ගත්තට පස්සෙත් කෑම පාලනයක් කළේ නෑ. පෝෂ්‍යදායි ආහාර ගත්තා. අනවශ්‍ය මහත්වෙන කෑම බොරුවට කෑවේ නෑ. බිරිඳක් විදියට මම අනිවාර්යෙන් වගබලා ගන්නවා මේ දේ ගැන.

ඔබගේ දියණියත් ඔබේ යන ක්ෂේත්‍රයේ යනවාට කැමතිද ?


එයාගේ හැකියාව අනුව තමයි ඒ දේ තීරණය වන්නේ. දැන්මම තීරණය කරලා නැහැ.‍ හැබැයි දරුවා යහපත් පුද්ගලයෙක් කරන්න තමයි මගේ එකම බලාපොරොත්තුව.

ආගම දහමට නැඹුරු කරන්න. බුද්ධිමත් වැඩිහිටියන් පිරිසක් ඇසුරු කරන්න දෙන්න ඕනේ. මගේ හොඳම යාළුවෝ හතර පස් දෙනෙකුට මම ඒ දේ දැනට කියලා තියෙන්නේ. අධ්‍යාපනයට මුල් තැන දෙනවා.

විශේෂයෙන් ලංකාවේ කලාව හරි ඛේදනීය තැනක තියෙන්නේ. ප්‍රමිතියක් ,දැක්මක් නැහැ. ඒකත් එක්ක දරුවා වෘත්තීය මට්ටමින් රංගන ශිල්පිනියක් වෙනවට මම කැමති නැහැ.

හැබැයි ආශාවට ඒ දේ කරන්න කැමති නම් ඒක ළිවෙලට කරන්න මම ඉඩදෙනවා. පිටරටකට හරි ගිහින් කලාව හදාරන්න මම ඉඩ ලබාදෙනවා.

ලොකු බලාපොරොත්තුවක් නැහැ මගේ දරුවා කලාකාරිනියක් කරන්න.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S