Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

කූට ලේඛණ සකස් කළ බවට චෝදනා එල්ල වූ එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක දෙසැම්බර් මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී තිස්ස අත්තනායක අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා තවදුරටත් කියා සිටියේ මොහුට විරුද්ධව ජනාධිපතිවරණ පණත යටතේ චෝදනා ගොනු කර ඇති බවයි.

ඒ අනුව ඇප ලබාදීමට නම් සුවිශේෂි කරුණු ඉදිරිපත් කරන ලෙස විත්ති පාර්ශවයට නියම කළ මහාධිකරණ විනිසුරුවරිය මෙම නඩුව සුළු වේලාවකට කල් තැබුවා.

අනතුරුව නඩුව යළි කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරිය සැකකාර තිස්ස අත්තනායකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කළා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S