Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

"අම්මගේ ඇස්වල ඇති කඳුළු, දරු දුක වචනවලට පෙරළුණේ නැහැ."

අහස පොළොවත් නුහුලන විදියේ අපරාධයක් මේ මහ පොළොව උඩ සිදුවුණා.

ඒ අවාසනාවන්ත සිදුවීම සිදුවුණේ අනුරාධපුර ප්‍රදේශයේ.එම ප්‍රදේශයන්හි ජීවත්වන මිනිසුන් හේන් ගොවිතැනින් ජීවිතය ගොඩනගාගන්නා අහිංසකයන්ය.

එහි ලස්සන ගමක සිදුවූ අවාසනාවන්ත සිදුවීමකි මේ.

ලක්මාලි ජීවත් වුණේ රාජ මාලිගා, රජ බොජුන්, සැප වාහන නැති දුප්පත් පල්පතකයි. ගොම මැටි ගා සකස් කරන ලද සීතල මැටි පොළොව තමයි ලක්මාලිගේ පුංචි හිතේ රජ මාලිගය වුණේ.

මේ නිසයි ලක්මාලිගේ අම්මා මීට වසර හතකට ඉහතදී විදේශගත වන්නේ.ලක්මාලි සිය අත්තම්මට බාර දී ඇයගේ මව විදෙස් ගත වීමට සිතන්නේ මේ සිහින බලොරොත්තු ගොන්නක් ලක්මාලිගේ පුංචි සිතටත් ඉතිරි කරමින්ය.

ලක්මාලිගේ පියාට ස්ථිර රැකියාවක් තිබුණේ නැහැ.වැඩිමහල් සහෝදරයන් දෙදෙනකුගේ ආදරයත් ඇයට ලැබුණා.පියා සිදුකළ කුලී වැඩ වලින් මේ සියලුදෙනාට ජීවත් වෙන්න ප්‍රමාණවත් වුණේ නැහැ.මේ නිසා මේ පවුලේ අඩදබර නිතර ඇතිවුණා.

මේ නිසා ඔවුන් වැඩි මහල් දරුවා බුද්ධ ශාසනයට පූජා කළා.ඒ සංසාර ගමනෙන් එතෙර් වෙන්න කියල නොවෙයි.පවුලේ තිබුණු අගහිඟකම් නිසාය.

මේ සියලු කරදර අතරේ ලක්මාලි වැඩිවියට පත්වුණේ මේ ලස්සන ගම්මානයේ නෙළුම් මලක් පිපුණාක් මෙන්ය.

"අනේ මගේ පුංචි දූ සිඟිත්තියගේ කොටහළු මඟුල ගන්න කලින් පුංචි කූඩුවක් හදා ගන්න ඕන කියන ලක්මාලිගේ මවගේ සිහිනය සිහිනයක් වුණේ ලක්මාලි වැඩිවිය පත්වූ නිසයි." දවසින් දවස වැඩිවූ ආර්ථික ප්‍රශ්න නිසා දෙවන පුතාට සසුන් ගතවීමට යෝජනා කළත් ඒ සඳහා ඔහු අකැමති වූයේ මෙලෙසින්ය.

මට අයියා වගේ වෙන්න බැහැ අම්මේ.... ඉස්කෝලේ ගමන නතර කරලා මම කොළඹ රස්සාවකට යන්නම්. නංගිට හොඳට උගන්නන්න.

ලක්මාලිගේ අම්මගේ ඇස්වල ඇති කඳුළු, දරු දුක, වචනවලට පෙරළන්න බැහැ.

පියෙක් ලෙස යුතුකම් ඉටු නොකිරීම ගැන ලක්මාලිගේ මවගේ සිතේ සිය සැමියා ගැන තිබුණේ දැඩි කළකිරීමකි.

මේ තමන්ගේ ලෙයින් හැදුණු දරුවෝ නේද ? ඒ දරුවන්ට හොඳ කල දවසක් යන්න ඕන නේද? ලෙස නිරන්තරයෙන් මව විසින් පියාට කියන දෙයක්විය.

නමුත් ඒ කිසිම දෙයක් ගණන් නොගත් ඔහු මත්වතුර සඳහා සේසතම වියදම් කළේ සිත්පිත් නැති පියෙකු ලෙසයි.

ලක්මාලිගේ අනෙක් සොහොයුරා කොළඹ රැකියාවකට යන්න හැදුවත් මව ඒ සඳහා අවසර දුන්නේ නැහැ.

"ඕනේ නෑ. උඹ තාම පොඩි එකෙක්. මට උඹලා දුක් විඳිනවා බලා ඉන්න බැහැ මයේ පුතේ"

නමුත් මේ ආර්ථික ප්‍රශ්න දරා ගත නොහැකිවූ ඔහු කොළඹ එන්නේ රැකියාවකටයි.

දරු දෙන්නා ගෙදරින් පිටමන් කිරීම ගැන පියාගෙන් මවට එල්ල වූයේ බැණුම් පමණයි.නමුත් සතයක්වත් ගෙදරට වියදම් නොකළ පියා බීමතින් සිටියේ නමින් පියෙකු ලෙසයි. කෙසේ වෙතත් ලක්මාලිගේ මවගේ විදෙස්ගතවීම ගැන පියා විසින් නිතර රණ්ඩු ඇති කළා

"උඹ රට යන්නේ සල්ලි හොයන්න නෙමෙයි. වෙන මිනිහෙක් ජෝඩු කරගෙන.අඩියක් හරි එළියට තිබ්බොත් මරනවා" යනුවෙන් බැන වැදීමට පියා විසින් කටයුතු කර තිබුණා.

නමුත් ලක්මාලිගේ මව විදෙස්ගතවිම නතර කිරීමට පියාට හැකිවුණේ නැහැ.වසර 07කට ආසන්න කාලයක් මව විදෙස්ගත වුණේ ලක්මාලිගේ අනාගතය හදන්න.
දහදුක් විඳලා රටින් එවන සල්ලි ලක්මාලිගේ මව වෙතයි එවන්නේ. ඒ මුදල් පරිස්සම් කිරීමට ලක්මාලි ක්‍රියා කළා.එලෙස එවන මුදල් විනාශ කිරීමට පියා පසුබට වුනේ නැහැ.

නිතර මුදල් ඉල්ලමින් ලක්මාලිට කරදර කළ පියා ඇයට පහර දුන්නා.එම පහර දීම්වල අවසානයක් තිබුණේ නැහැ.මේ නිසා ලක්මාලිගේ මිත්තණියට ලක්මාලිගේ ආරක්ෂාව ගැන වග කියන්න ශක්තියක් තිබුණේ නැහැ.

දවසින් දවස කාලය ගෙවිලා යද්දී මත්වතුර පානය කර නිවසට පැමිණි පියාගේ මිතුරන්ද ලක්මාලිගේ නිවසට පැමිණුනා.වැලි කතරේ දහදුක් විඳින ලක්මාලිගේ මවට මේ දේවල් වචන වලින් කියා වලක්වන්න පුළුවන් වුණේ නැහැ.

එක්තරා දිනයක නිවසේ තිබූ මත්වතුර සාදයකදී ලක්මාලිගේ අනාගතය මත් රකුසා බිලි ගනිමින් පියාගේ මිතුරෙකු විසින් ලක්මාලි අපයෝජනය කළත් ඇය මේ ගැන කිසිවකුටත් කිව්වේ නැහැ.ඒ ඇයට ඒ ගැන දැනුමක් තිබුණේ නැති නිසා.

නමුත් තවත් දිනයක මේ සිදුවීම සිය මිත්තණියගේ දෑසින්ම දැක ගැනීමට හැකිවෙනවා.

මේ නිසා මිත්තණිය විසින් පොලිසියේ පැමිණිල්ලක් කරන්නේ කිරීමට දෙයක් නැති කමටයි.කෙසේ වෙතත් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අතර ලක්මාලිගේ අනාගතය විනාශ වී අවසන්.

මේ නිසා දරුවන්ගේ අනාගතය ගැන සිතා විදෙස් ගතවන මව්වරු දෙවරක් සිතිය යුතුය.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S