Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මට්ටක්කුලිය - සමිට්පුර ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා.
‍මට්ටක්කුලිය - සමිට්පුර ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් මෙම වෙඩි තැබීමට හේතු වී තිබෙනවා.

මෙම වෙඩි තැබීමට කුඩු රොෂාන් නමැති පුද්ගලයෙකු ප්‍රමුඛ පිරිසක් සම්බන්ධ බවට හඳුනාගන ඇතැයි ද පොලිසිය සඳහන් කළා.

මට්ටක්කුලිය - සමිට්පුර තට්ටු නිවාස සංකීර්ණයේ කුඩු රොෂාන් නමැත්තාගේ නිවස ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, වෙඩි තැබීමට සම්බන්ධ පිරිස ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසනවා.

වෙඩි තැබීමෙන් චූටි උක්කුවා නමැති පාතාල කල්ලි සාමාජිකයා සහ ඔහුගේ සමීපතම සගයා ඇතුළු සිව් දෙනෙකු මියගොස් ඇති බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී ටී 56 වර්ගයේ උණ්ඩ කොපු 4 ක් සහ බ්‍රවුනිං වර්ගයේ මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ කොපු 2 ක් ද සොයාගැණුනා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 7 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, ඉන් 4 දෙනෙකු රෝහලට රැගෙන එන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටින දෙදෙනෙකුගේ තත්ත්වය ද බරපතල බවයි.


අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S