Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පසුගිය 14 වැනිදා දිවි නසා ගත් හමුදා බුද්ධි අංශයේ හිටපු සැරයන් එදිරිසිංහ ජයමාන්න මහතාගේ මෘත ශරීරය ගොඩගෙන ඔහුගේ ඇඟිලි සලකුණු ලබාගන්නා ලෙස කෑගල්ල මහෙස්‌ත්‍රාත් ගයාන් මීගහගේ මහතා විසින් පොලිසියට නියම කර ඇත.

රහස්‌ පොලිස්‌ පරීක්‍ෂණ සඳහා මොහුගේ ඇඟිලි සලකුණු ගෙන නොමැති නිසා පරීක්‍ෂණ කටයුතු කිරීමට අපහසුතාවක්‌ ඇති බවට කරන ලද පැමිණිල්ලක්‌ අනුව මෙම මෘත ශරීරය ගොඩගැනීමට කටයුතු යෙදී ඇත.

මරණ පරීක්‍ෂණයේදී අධිකරණ වෛද්‍යවරයා විසින් මියගිය අයගේ ඇඟිලි සලකුණු ගැනීමට නියම කර ඇතත් එම අවස්‌ථාවේ රාජකාරි කළ පොලිස්‌ නිලධාරියාට අමතක වීමක්‌ හෝ බැරිවීමකින් එම රාජකාරිය කිරීමට නොහැකි වී ඇත.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ගමන් කළ වාහනයේ ඇති ඇඟිලි සලකුණු හා මියගිය හමුදා බුද්ධි අංශ සැරයන්ගේ ඇඟිලි සලකුණු සමානදැයි පරීක්‍ෂණයට ඇඟිලි සටහන් අවශ්‍ය බව පොලිසිය මහෙස්‌ත්‍රාත්වරයාට දන්වා ඇත. මෘත ශරීරය කරඬුපොන පුවක්‌දෙනිය පොදු සුසාන භූමියේ 16 වන දින මිහිදන් කරන ලදී.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S