Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

දුවගේ කාර් එක නවතා තිබූ බසයක හැපිලා කියා පොලිසිය කිව්වා - පියා සාක්‍ෂි දෙයි
මා දන්නා තරමින් දුව මත්පැන් බොන්නේ නෑ

"මගේ කවීෂා දුව පදවනු ලැබූ ඇගේ මෝටර් රථය නවතා තිබූ බස්‌ රථයක ගැටී මියගොස්‌ ඇතැයි පොලිස්‌ නිලධාරීන් දැනුම් දුන්නා...." යෑයි පොල්වත්තේගෙදර ශාන්ත හේමසිරි (46) යන අය සාක්‍ෂි දෙමින් පැවසීය.

රංගන ශිල්පිනියක වූ කවීෂා අයේෂානි හේමසිරි (25) නුගේගොඩ ජුබිලිකණුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මරුමුවට පත්වීම සම්බන්ධයෙන් ඊයේ (16 වැනිදා) කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් උසාවියේ පැවැති සාක්‍ෂි විභාගයේදී සාක්‍ෂි දුන් ඇයගේ පියා එසේ කියා සිටියේය.

කිරිඳිවැල, බෝගහවත්ත, පිල්ලෑව පාරේ පදිංචිව සිටි රංගන ශිල්පිනී කවීෂා මියයන විට නුගේගොඩ ප්‍රදේශයේ කුලී නිවසක සිට ඇතැයි හෙළිවිය.

මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක උපාලි පෙරේරා මහතා හමුවේ පැවැති අතර එහිදී තවදුරටත් සාක්‍ෂි දුන් මියගිය රංගන ශිල්පිනියගේ පියා මෙසේ ද කීය.

"මියගොස්‌ සිටින්නේ මගේ දියණිය වන කවීෂා. මට තව පුතෙක්‌ ඉන්නවා. බිරිඳ සිටී. මියගිය දියණිය අවිවාහකයි. ඇය රංගන ශිල්පිනියක්‌ ලෙස කටයුතු කරමින් සිටියා. පුතා තවමත් අධ්‍යාපනය ලබනවා. මාත්, බිරිඳත්, පුතාත් ජීවත් වුණේ කිsරිඳිවැල නිවසේයි. කවීෂා දුව රංගන ශිල්පිනියක්‌ නිසා ඇයගේ රංගන කටයුතුවලට පහසු වීම පිණිස නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක පදිංචිව සිටියා. එහි තවත් සහෝදරියක සමඟයි ඈ සිටියේ. මා දන්නා පරිදි මියගිය කවීෂා දුව මීට අවුරුදු 4 කට උඩදී කාර් රථයක්‌ මිලදී ගත්තා. දැනට අවුරුදු 5 කට පෙර ඇය මෝටර් රථ පැදවීම සඳහා බලපත්‍රයක්‌ ලබාගත්තා. මා දන්නා පරිදි මගේ දියණිය මත්පැන් හෝ මත්ද්‍රව්‍ය හෝ දුම්පානය කරන්නේ නෑ.

මා දන්නා තරමින් ඇයට කිසිදු නිධන්ගත රෝගී තත්ත්වයක්‌ තිබුණේ නැහැ. මනා සෞඛ්‍ය තත්ත්වයෙන් ඇය කාලය ගත කළා. ඇය අවසන් වරට මීට දින අටකට පෙර අපේ ගෙදර ඇවිත් කාලය ගතකර ගියා. ඉන් පසුවත් ඇය මගේ බිරිඳට දුරකථනයෙන් කතා කරමින් දුක සැප විමසුවා. ඊයේ (16 දා) උදේ පාන්දර මා නිවසේ නිදාගෙන සිටියදී මගේ බිරිඳගේ මව, බිරිඳට දුරකථනයෙන් කතා කර කියා තිබුණා මගේ කවීෂා දුව රිය අනතුරකට ලක්‌වෙලා කළුබෝවිල රෝහලට අරගෙන ගිහින් කියලා. පසුව අප ඇය බැලීමට යැමට පෙර මිරිහාන පොලිසියට ගියා. නුගේගොඩ ස්‌ටැන්ලි තිලකරත්න මාවතේදී මගේ කවීෂා දුව පදවනු ලැබූ ඇගේ මෝටර් රථය මාර්ගය අයිනේ නවතා තිබූ බසයක ගැටී මියගොස්‌ ඇති බව පොලිස්‌ නිලධාරීන් මා වෙත කිව්වා."

කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්‌. ඒ. සී. නන්දසිරි මහතා විසින් මියගිය රංගන ශිල්පිනියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වනු ලැබූ අතර ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක උපාලි පෙරේරා මහතා මෙම මරණය මාර්ග රිය අනතුරකින් හිසට සිදු වූ බරපතළ හානි හේතුකොටගෙන සිදු වූ මරණයක්‌ බවට නිගමනය කළේය.

මිරිහාන පොලිසියේ පොලිස්‌ සැරයන් පෙරේරා මහතා (30906) මෙහිදී සාක්‍ෂි මෙහෙයවීය.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S