Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

වාහන ශබ්දයට අශ්වයකු හුරු කිරීම සදහා රැගෙන යමින් සිටි දඹුල්ල කණ්ඩලම ප්‍රදේයේ අශ්වයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක සේවකයකු කලබල වූ අශ්වයා සමග ප්‍රධාන මාර්ගයේ මීටර් 500ක පමණ දුරක් ඇදී ගොස් බරපතළ තුවාල ලැබ මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (17දා) මියගොස් ඇත.

මියගොස් ඇත්තේ අනුරාධපුර යාපනය හන්දියේ පදිංචි එන්. සෝමසිරි (65) නමැති අයෙකි.

අශ්වයන් පුහුණු කිරීමේ පළපුරුදු අයකු වන මියගිය පුද්ගගලයා වාහන ශබ්දයට අශ්වයකු හුරු කිරීම පිණිස දඹුල්ල – කණ්ඩලම මාර්ගයේ එම අශ්වයා රැගෙන යමින් සිටියදී ඉකුත් 15දා මෙම අනතුරට ලක්ව ඇත.

අශ්වයාගේ තෝන් ලණුව මෙම පුද්ගලයා අතින් පටලවා ගෙන මාර්ගයේ යමින් සිටියදී වාහනයක නළා ශබ්දයට බියවී අශ්වයා කලබල වී දිවගොස් තිබෙන අතර පුද්ගලයා ද අශ්වයා සමග මීටර් පන්සීයක පමණ දුරක් බිම දිගේ ඇදී ගොස් තිබේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලත් පුද්ගලයා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 15දා මහනුවර රෝහලට මාරුකර එවා තිබිණි.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S