Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ක්‍රිකට් ආයතනයේ සේවය කළ ගයත්‍රී වික්‍රමසිංහ සම්බන්ධයෙන් පසුගිය කාලයේ කතාබහකට ලක් වුණා. ඒ ක්‍රිකට් ආයතනයේ සිදු වූ බව කියන විවිධ සිද්ධීන් හේතුවෙන්.

ඇය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙළෙඳ අංශයේ ලේකම්වරියක ලෙස කටයුතු කර තිබෙනවා.

ගයාත්‍රි විසින් පුවත්පත්වලට ක්‍රිකට් ආයතනයේ තොරතුරු ලබාදුන් බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් ඇගෙන් ප්‍රකාශයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති විනය පරීක්ෂණයකදී ඇය කියා සිටියේ එහි ප්‍රධානීන් ඇයට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බවයි.

තමන්ට සිදුවූ අකටයුතුකම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගයත්‍රී පුවත්පතකට පවසා තිබෙනවා.

" මම ක්‍රිකට් ආයතනයේ සේවය කරන කාලයේදී මම ලිංගික අඩත්තේට්ටම් ගොඩකට මුහුණ දුන්නා, ඒ මානසික වශයෙන් වගේම කායිකාව, මේ හැමදේම කලේ ක්‍රිකට් ආයතනයේ ඉහළ පුටුවල ඉන්න අය, ඔවුන් ඇතැම් අවස්ථාවල මාව ක්ල්බ් ගානේ එක්ක යන්න කතා කළා, ඒ අය එක්ක හවසට බොන්න යන්න කතාකළා, මේ හැමදේම ඔවුන් කලේ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන්න කතා කරනවා වගේ රාජකාරී වෙලාවන්වල,

2012 දී මට ලිංගික හිංසනයක් සිදුවුණා, ඒත් මේ ක්‍රිකට් ආයතනයේදී, ඒ ගැන මම ඉහළට දැනුම් දුන්නා, මම අවිවාහක කාන්තාවක් විදියට මං කැමති නෑ මගේ නම කැත කරගන්න,

සමහර අවස්ථාවල මං ගැන බොරු දාලා පත්තරවල ගියා, අන්තිමට වැරදිකාරයා වුණේ මම, ඒ ගැන මම ඔවුන් දැනුවත් කළා, සමහර අවස්ථාවල මම කරපු දේවල් ඵලක් වුණේ නෑ, ඒ දේවල් ඔවුන් ගණන් ගත්තේ නෑ,

ලියුමක්වත් නැතිව මාව ආයතනයෙන් එකපාරටම එළවලා දැම්මා, ඒත් මම ඉවසනවා සමහර මිනිස්සු මට කරපු දේවල් ගැන "




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S