Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

කෝපි වීදුරුවට සයනයිඩ් දමා එය පානය කිරීමට සලස්වා තම යෙහෙළිය ඝාතනය කළැයි ඉන්දූනීසියාවේ තරුණියකට වසර විස්සක සිර දඬුවමක් නියම කර ඇතැයි වාර්තා වෙයි.

අධිකරණයේදී මෙලෙස වරදකාරිය වූ ජෙසිකා වොන්සෝ විසින් ඇණවුම් කළ කෝපි වීදුරුව පානය කිරීමෙන් විනාඩි කිහිපයකට පසුව ඇගේ යෙහෙළිය මිය ගියාය.මරණ පරීක්ෂණයේදී මිය ගිය තරුණියගේ ශරීරයට සයනයිඩ් ඇතුළු වී ඇතැයි තහවුරු විය.


මෙම ඝාතන නඩුව ‘කෝපි ඝාතක‘නඩුව ලෙස එරට ප්‍රසිද්ධ විය.මිය ගිය තරුණියට සාධාරණය පතා බොහෝ පිරිස් විරෝධතා කළහ. මිය ගිය තරුණිය වොන්සෝට ඇගේ පෙම් සම්බන්ධතාවය නවත්වන ලෙස දැනුම් දීම නිසා ඇයව ඝාතනය කරන්නට ඇති බව විරෝධතාකරුවෝ පවසති.

තමන් එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව වොන්සෝ අධිකරණයේදී කීවාය.එමෙන්ම නඩු තීන්දුව පිළි නොගන්නා බවත් නඩු තීන්දුවට එරෙහිව අභියාචනාවක් ගොනු කරන බවත් ඇයගේ නීතිඥවරු පවසති.

නඩු කටයුත්ත දැක බලාගැනිමට විශාල පිරිසක් ජකර්තා උසාවි භූමියට පැමිණි සිටි අතර පිරිස පාලනය කිරීමට යාමේදී පොලිසිය හා එම පිරිස් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

වොන්සෝට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ද හිමි බව පොලිසිය කියයි.

අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S