Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ගාල්ල මාතර ප්‍ර‍ධාන මාර්ගයේ ගාල්ල මාගාල්ල සම්බෝදීය හංදිය අසලදී ඊයේ (16) රෑ 10.30ට විතර සිද්ධවුන රිය අනතුරකින් වයස 18 ක තරුණයෙක් මියගොස් වයස 17 තරුණයෙක් තුවාල ලබා ලැබුවා.

උඩුගම මාර්ගයේ සිට තරුණයින් දෙදෙනා පැමිණි යතුරු පැදිය ගාලු පාරට ඇතුලු කිරීමට උස්සාහ කිරීමේදී ගාල්ල මාතර ප්‍ර‍ධාන මාර්ගයේ ගමන්ගත් වාහනයක ගැටී තියෙනවා.

යතුරු පැදියේ ගැටුනු වාහනය නොනවත්වා පලාගිහිල්ලා.

තුවාල ලැබූ තරුණයින් දෙදෙනා ප්‍රදේශවාසින් විසින් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළු කරලා.

රෝහල් ගත කළාට පස්සේ තමයි වයස 18 ක ගාල්ල කටුටගාඩ පදිංචි එම්.එම්.මසාහීර් නම් තරුණයා මිය ගිහිල්ලා තියෙන්නේ.

අනිත් තරුණයා මේ වනවිට කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍ර‍තිකාර ලබනවා.

රෝහලේ ප්‍ර‍කාශකයකු කිව්වේ තුවාලකරු සිහිසුන්ව තවමත් සිටිනවා කියලයි.

තුවාලකරුද ගාල්ල කටුගොඩම පදිංචි තරුණයෙක්.

මියගිය තරුණයා සහ තුවාල ලැබූ තරුණයා එකම ගමේ මිතුරන් වෙනවා.

ඔවුන් දෙදෙනා ඡුවලරී බඩු සකසන ආයතනයක සේවය කරන අතර ඊයේ රාත්‍ත්‍රී ද සේවය නිමකර නිවසට යමින් සිටින අතරතුර මෙම අනතුර සිදුව ඇත.මියගිය තරැණයා එම පවුලේ එකම දරැවාද වේ.

අනතුර සම්බන්දයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර ගාලල් වරාය පොලීසිය පරීක්ෂණ පවත්වයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S